විජයදාසට එරෙහි විශ්වාසභංගය ගැන අවසන් තීරණය 17 දා

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති රාජපක්‍ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එනවාද නැද්ද යන්න මෙම 17 වැනිදා පවත්වන එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කරන බව කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නලින් බණ්‌ඩාර ජයමහ මහතා ඊයේ (13) පැවැසීය.
විශ්වාසභංග යෝජනාවට අදාළ කරුණු සම්බන්ධව මන්ත්‍රීවරුන් වශයෙන් තම කණ්‌ඩායමට තනි තීරණයක්‌ ගත නොහැකි බවද ඒ පිළිබඳ පක්‍ෂයේ ජ්‍යෙෂ්aඨයන් සමඟ සාකච්ඡා කළ යුතු බවද ජයමහ මහතා කීවේය.
එම නිසා 17 වැනිදා පවත්වන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මේ සම්බන්ධයෙන් උපදෙස්‌ ලැබෙනු ඇතැයි ද එදින ලැබෙන උපදෙස්‌ මත විඡේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අවසන් තීරණයකට පැමිණීමට හැකිවනු ඇතැයිද නලින් බණ්‌ඩාර මහතා කීවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.