ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට හා දෙමාපියන්ට උපදෙස් නිකුත් කෙරේ

මෙම 20 වෙනි දින පැවැත්වෙන පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව
විභාගයට මුහුණදෙන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා
විශේෂ උපදෙස් මාලාවක් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින්
නිකුත්කොට ඇත.
ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දුපත් ප්‍රදේශ ද ඇතුළුව දිවයින පුරා
විභාග මධ්‍යස්ථාන 3014 ක මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙයි.
ඒ සඳහා අයදුම්කරුවන් 356,728ක් පෙනී සිටින අතර එයින් 562
ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ලෙස ඉදිරිපත් වේ.විභාග
පරිපාලනය සඳහා 28,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා
ඇත. විභාග අධීක්ෂණ කටයුතු සඳහා පැය 24 පුරා විභාග
දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළත් විශේෂ කණ්ඩායම් ද යොදවා
තිබේ.
අපේක්ෂකයින් සඳහා උපදෙස්
(1) ප්‍රශ්න පත්‍රය සඳහා තිබෙන කාලය පිළිබඳ අවබෝධයක් තිබිය
යුතු ය.
I පත්‍රය පෙ.ව.9.30 සිට පෙ.ව.10.15 දක්වා විනාඩි 45 ක කාලයක්
පැවැත්වේ.
II පත්‍රය පෙ.ව. 10.45 සිට මධ්‍යහ්න 12 දක්වා පැය 01කුත් විනාඩි
15 ක කාලයක් පැවැත්වේ.
(2) පෙ.ව. 09.00 වන විට විභාග අපේක්ෂකයින් ශාලාවල අසුන්
ගත යුතු බවට ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බැවින්
කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතුය.
(3) විභාග අපේක්ෂකයන් තමාට අදාළ විභාග අංකය ඇඳුමේ වම්පස
පැළඳ සිටිය යුතුය.
(4) පිළිතුරු සැපයීමේ දී පැන්සල හෝ පෑන භාවිත කළ හැකිය.
(5) විභාග අංකය නිවැරදිව ලියන්න. සෑම ප්‍රශ්න පත්‍රයකම විභාග
අංකය ලිවීම සඳහා 01 හා 03 පිටුවල ඉඩ තබා ඇත.
(6) පිළිතුරු සැපයීමේදී ලබා දී ඇති උපදෙස් පිළිපදින්න
(7) කටු වැඩ කොළ ලබා දේ.
(8) ප්‍රශ්න පත්‍රය අතට ගත් පසු කලබල නොවන්න. හොඳින් කියවා
බලා පිළිතුරු සපයන්න.
දෙමව්පියන් සඳහා උපදෙස්
(1) කල්වේලා ඇතිව දරුවන් පාසල වෙත රැගෙන ආ යුතු ය.
(2) දෙමව්පියන් විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල් නොවිය යුතුය.
(3) විවේක කාලයේ දී ද දෙමව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට
ඇතුල්වීමට ඉඩ දෙනු නොලැබේ.
(4) දරුවාට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට
ලබාදෙන්න.
මේ අතර විභාග ශාලාධිපතිවරයා හැර විභාග නිරීක්ෂකවරුන්
ඇතුළුව සියලුම විභාග කාර්ය මණ්ඩලයට විභාග මධ්‍යස්ථාන තුළ දී
ජංගම දුරකථන භාවිත කිරීම තහනම් කර ඇත.විභාගය
පැවැත්වෙන කාලසීමාව තුළ එම පාසලේ ගුරුවරු හා අනධ්‍යයන
කාර්ය මණ්ඩලය ඇතුළුව අවසර නොලත් කිසිදු පුද්ගලයකු විභාග
මධ්‍යස්ථාන තුළට ඇතුල්වීම සපුරා තහනම්ය. විදුහල්පතිතුමා
කාර්යාලය වසා තැබිය යුතුය. විභාග කටයුතු වලට බාධාවන් වන
අයුරින් කටයුතු කරන පුද්ගලයන් හා ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය
ලේඛනයක් බැවින් විභාගය අවසන් වු පසු ප්‍රශ්න පත්‍ර ළඟ තබා
ගන්නා සහ පිටපත් කිරීමට කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට
ගැනීමට පොලිසියට බලය තිබේ.
විභාගය සඳහා පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමට කටයුතු
කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටියි.
විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය : 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව : 0112 784208
/ 0112 78 45 37 /
0112 31 88 350 / 0112 31 40 314
පොලිස් මූලස්ථානය : 0112 42 11 11
පොලිස් හදිසි ඇමතුම් අංකය : 119

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.