හි.ජ.කු.පා.ම මහින්දට ෂුවර් නැති වෙයි; ඉල්ලපු ඡන්දයට එල්ලෙන්න පක්ෂ සොයයි

හිටපු ජනාධිපති, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ කණ්ඩායම දිගින් දිගටම රජයෙන් පවත්වන ලෙස ඉල්ලූ පළාත් පාලන මැතිවරණයට තම පක්ෂයට එල්ලෙන්නට පක්ෂයක් සොයමින් සිටී. ඒ වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධානී කුප්‍රකට බැසිල් රාජපක්ෂ මේ දිනවල කඩේ යමින් සිටින අතර ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙකුත් සහෝදර දේශපාලන පක්ෂ සමඟ සන්ධාන ගතවී තරග වදින බවයි.
එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් ඕනෑම දේශපාලන පක්ෂයකට තමන් සන්ධාන ගත වීමට ඕනෑම මොහොතක සුදානම් බවද ඔහු පවසා සිටියේය.
ක්‍රමිකව දේශපාලනිකව දියවී යන හි.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂගේ දේශපාලන අරාජිකත්වය මෙයින් පෙන්නුම් කරන අතර ඒ හේතුවෙන් දේශපාලන මුක්කු ගැසීමට ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂවරුන් උත්සහ දරමින් සිටී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.