'හෙට දකින රනිල්'ව ජනපති මෛත්‍රී අද විවෘත කරයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂී අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.
“හෙට දකින රනිල්” නමින් නම් කර තිඛෙන ප්‍රදර්ශනය හෙට සිට 20 වනදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා විවෘතව තැබේ.
ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය.
1977 වසරේ එවකට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණු රනිල් වික්‍රමසිංහ මහතා ලාංකේය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් හෙබ වූ අතර, දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ ඒ මහතා සිදුකළ ජාතික මෙහෙවර ඇගයීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛ අරමුණ වේ.
රජයේ මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.



ආශ්‍රිත පුවත්: ‘හෙට දකින රනිල්’ ද..? ‘අද දකින මෛත්‍රී’ද..?

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.