
2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘හෙට දකින රනිල්’ ව්‍යාපෘතිය සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධයක් නිර්මාණය වෙමින් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඉලක්ක කරගනිමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිර්මාණය කොට ඇති මෙම ‘හෙට දකින රනිල්’ තේමාව කිසිසේත් නොගැලපෙන සහ යථාර්තයක් නොවන්නක් බව එම පක්ෂයේම බහුතරයකගේ මතවී තිබේ.
ඔවුන් මේ සම්බන්ධයෙන් පෙන්වා දී ඇත්තේ, ‘හෙට’ යන්න කිසිදාක උදාවන්නක් නොවන්නකට භාවිතා කරන්නක් වන අතර ‘බලාගිරි අද නොවෙයි හෙට’ සේම රනිල්ද කිසිදා නොදකින ‘හෙටක්’ ගැන සිහින දකින බවයි. එසේම අතීතය හෝ හෙට ගැන නොව අගමැති රනිල් ‘අද’ දේශපාලනයත්, තම පක්ෂයට සහ රටට සිදුවන දෙයත් ගැන පළමුව සිතා මේ මහපොළවේ සිටිගෙන දේශපාලනය කළ යුතුබව තවත් පිරිසක් පවසා ඇත.
උදා නොවන හෙටක ‘හෙට දකින රනිල්’ වෙනුවට අද සිදුවන දේ පිළිබඳව දැක නිවැරදිව ක්‍රියාකරන ‘අද දකින මෛත්‍රී’ වඩාත් හොඳ ප්‍රායෝගික නායකයෙකු බව එජාපයේම පිරිස් පවසා ඇතැයිද වාර්තාවේ.