"2025 දී ඒඩ්ස් වලින් තොර රටක්" විශේෂ වැඩපිලිවෙල

වසර 2025 වන විට ශ්‍රී ලංකාව “ඒඩ්ස්” වලින් තොර රටක් බවට පත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කරන බව එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි.
මේ අනුව ලබන වසර වන විට සියලුම ගර්භනී මව්වරුන් එච්අයිවී වෛරසය සඳහා පරික්ෂා කිරීම ආරම්භ කර එච්අයිවී වලින් තොර දරුවන් බිහි කරලීමේ ක්‍රමයක් ස්ථාපිත කරන බව අධ්‍යක්ෂවරයා පැවසීය.
ගර්භනී මව්වරුන් සඳහා වන එච්අයිවී පරික්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇති අතර එයින් සියයට 95ක් මව්වරුන් ආවරණය වන අතර ලබන වසරේදී එය සියයට සියය දක්වා වැඩි කරන බවද හෙතෙම පැවසීය.
මීට අමතරව ලිංගික ශ්‍රමිකයින් හා සම ලිංගිකයින් සොයා ගොස් එච්අයිවී රෝගය පිළිබඳව දැනුවත් කිරීම් හා කොන්ඩම් නොමි‍ලේ බෙදා දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇතැයිද වෛද්‍ය ලියනගේ මහතා පැවසීය.
මේ වන විටත් සමලිංගිකයින් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ වෙබ් අඩවි මගින් හා මුහුණු ‍පොත හරහා දැනුවත් කිරීම්, කොන්ඩම් නොමි‍ලේ ලබා ගත හැකි ස්ථානයන්, රුධිරය නොමි‍ලේ පරික්ෂා කළ හැකි ස්ථානයන් පිළිබඳව මේ වන විටත් දැනුවත් කිරීම් ආරම්භ කර ඇතැයිද පැවසේ.
වසර 2030වන විට ලෝකයෙන් ඒඩ්ස් තුරන් කිරීමේ වැඩ පිළිවෙලට සමගාමීව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය ලියනගේ මහතා පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.