Exclusive: ඩීල් මතින් මිනීමරු ගෝඨා කට්ටි පැනීමේ සැලැස්මක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ප්‍රධානියා වූ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ වත්මන් යහපාලනයේ ඩීල් කරුවන්ට මුවා වී සියලු මිනීමැරුම් සහ කුප්‍රකට ජාවාරම්වල වරදකරු වීමෙන් මුදවා දේශපාලනිකව සුදුකිරීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
මිනීමරු ගෝඨා විසින් සිදුකළ ප්‍රදීප් එක්නැළිගොඩ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතන වලට එල්ල වූ ප්‍රහාර මෙම ඩීල් දැමීම තුලින් යටගසා දැමීමට නියමිත බවට වාර්තාවේ.
මෙම ඩීල් දැමීම් සඳහා කුප්‍රකට ගෝඨාගේ කළු සල්ලි යොදාගනිමින් සිටින බවට වාර්තාවන අතර ඒ වෙනුවෙන් ශ්‍රීලනිපයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු මැදිහත්ව කටයුතු කරන බවද අභ්‍යන්තර තොරතුරු සේවා වාර්තා කරයි.
මේ හේතුවෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් මෙම ඩීල්කරුවන්ට එරෙහිව අභ්‍යන්තර කැරැල්ලක් ගසමින් සිටින බවත්, එහි ප්‍රතිථලයක් ලෙස ඩීල්දාස දෙස කුප්‍රකට විජේදාස රාජපක්ෂට එරෙහි දෝෂාභියෝගයක් ගෙන එන්නේද මෙවැනි පසුබිමකය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.