නෙවිල් ප්‍රනාන්දු රෝහල තොරතුරු පනත යට හැංගෙයි! – වෛද්‍ය සංගමය නීතිය හමුවට

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනිමින් අත්සන් කළ ගිවිසුමේ පිටපතක්‌ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූ නමුත් මේ වනතුරු එය ලැබී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (02 දා) ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් සහ හෙද කාර්යමණ්‌ඩලය රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර තිබේ නම් ඊට අදාළ පත්වීම් ලිපි සහ ඔවුන්ගේ සුදුසුකම්, වැටුප් තල ආදිය පිළිබඳවද තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.