ජනපති නියමයෙන් සහන කටයුතු සොයා බැලීමට හමුදා නිලධාරීන්

දැනට නියඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්ක වලට අවශ්‍ය සහනාධාර නිසි පරිදි බෙදා හැරීම සිදුවනවාදැ’යි සොයා බැලීම සඳහා ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ නිලධාරීන් ජනාධිපතිවරයා විසින් පත්කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පරිදි නියඟයෙන් පීඩාවට පත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මෙලෙස හමුදා නිලධාරියා බැගින් පත්කර ඇති අතර ඔහු එම කටයුතුවල ප්‍රගතිය සහ සිදුවන අක්‍රමිකතා ජනාධිපතිවරයාට දැනුම්දිය යුතුය.
රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙම සහනාධාර නිසි පරිදි බෙදා හැරීම සිදුනොවන බවට බොහෝ අවස්ථාවලදී ජනතාව මැසිවිලි නඟන අතර ඒ පිළිබඳව නිසි ලෙස සොයා බලා ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම ජනාධිපතිවරයාගේ මුලික අරමුණ වී තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.