ඇමති රවීගේ විශ්වාසභංගත්වය ගැන හිතන්න තව කල් ඉල්ලයි

විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අමාත්‍යවරයෙකුට එරෙහිව මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසු පළමුව කථානායකවරයා විසින් එහි අනුකූලතාව පිළිබඳ තීරණය ලබා දීම කළ යුතු බවයි.
අනතුරුව එය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පරිවර්තනය කිරීම සිදු කෙරෙන බව ඔහු පෙන්වා දෙයි.
අදාළ විශ්වාසභංග යෝජනාව දින රහිත යෝජනාවක් ලෙස න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා පැවසුවේය.
එතැන් සිට දින 07 ක කාලයක් ගත වූ පසු පක්ෂ නායකයන් රැස් වී එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන කාල වකවානු තීරණය කෙරෙන බව සඳහන්ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.