Exclusive: ඇමති රවී අලුත් ගමනකට සැරසෙයි

හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද(10) දහවල් සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
බැඳුම්කර කොමිසම මඟින් රවී කරුණානායක මහතාව ප්‍රශ්න කිරීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දිගින් දිගටම ඉල්ල වූ ප්‍රහාර හමුවේ රවී කරුණානායක මහතා මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ ඊයේ(09) සාකච්ඡාවක් පැවති අතර ඉන් අනතුරුව රවි කරුණානායක මහතා තම දේශපාලන මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම තීරණාත්මක තීරණය අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නව දේශපාලන ප්‍රවේශයක් සඳහා වන බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.