අර්ජුන් මහේන්ද්‍රන්, බෑනාට සහ සමාගමට සංවේදී රහසිගත තොරතුරු ලබාදී ඇතිබව හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද(06) කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.
අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.
මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසී පිළිබඳ අභ්‍යන්තර රහසිගත තොරතුරු අර්ජුන් ඇලෝෂියස් සතුව තිබී ඇති බවට එම සංවාද ඔස්සේ හෙළි වී ඇති බව වාර්තා වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.