ආහාරයේ සංහිඳියාව රැකගනිමු

මේ වන විට අප සමාජය තුළ කාබනික (වසවිස නැති) ආහාර පිළිබඳ කතිකාවතක්‌ නිර්මාණය වී තිබේ. එය ඉතා හොඳ තත්ත්වයක්‌ වන අතර මේ වස විසෙන් තොර (කාබනික) ආහාර පිළිබඳ දැනුවත් ද යන්න පිළිබඳ සොයාබැලීම වටී.
අපගේ ආහාරයට වසවිස එකතු විය හැකි ආකාර කිහිපයකි. ඉන් ප්‍රධාන වනුයේ ගොවිපළේදී එකතු වන වස විසයි. එනම් අප පාරිභෝජනය කරන ආහාර කෘමි සතුන්ගෙන් බේරාගැනීම සඳහා භාවිත කරනු ලබන කෘමිනාශක සහ වෙනත් රසායනික ද්‍රව්‍ය ගොවිපළේදී සෘජුවම කරන එක්‌ කිරීමයි.
මෙම අර්බුදයට ප්‍රධාන හේතුව පැරැණි භෝග වගාවෙන් බැහැරවීමයි. අතීතයේ අප පැරැන්නන් තුළ ඉතා දියුණු කෘෂිකාර්මික ක්‍රම ඕනෑතරම් තිබූ බවට සාක්‍ෂි එමටයි. මෙම පැරැණි භෝග වගාව තුළින් නිපදවන ආහාර සඳහා කිසිදු වසවිසක්‌ එකතු නොවූ අතර එමඟින් ආහාර සංහිඳියාව ගොඩනැඟුනු අතර මෙම ආහාර අනුභව කළ සමාජය ආයු, වර්ණ, සැප, බල වඩවාගත් බව අපගේ මුතුන්මිත්තන් දෙස බලන විට පැහැදිලි වේ.
ලෝකයේ වෙනත් රටවල් මේ වන විට අපගේ පැරැණි ක්‍රම අනුගමනය කරනු ලබන අතර අප රටේ ගොවීහු බහු ජාතික සමාගම්වලින් මෙහෙය වන වස විස එකතුකර වගාකරන නව බෝග වගාව නම් වූ උගුලකට හසුවී ඇත. ඒවායේ ප්‍රතිඵලය ලෙස වකුගඩු රෝග, පිළිකා රෝග සහ බෝ නොවන වෙනත් රෝග මෙරට ජනතාව විශාල ලෙස පීඩාවට පත්වී ඇති ආකාරය දැකිය හැකියි.
පැරැණි බෝග වගාව තුළින් අපගේ ආදි මුතුන්මිත්තන් ලොව මවිත වන ආහාර රටාවකට අප ජනයා හුරුකර තිබුණි. එපමණක්‌ ද නොව පැරැන්නෝ අපගේ ආහාර නිෂ්පාදනයේදී ඉතාම උසස්‌ ක්‍රම භාවිත කොට ඇත. අපගේ සෞඛ්‍ය ආරක්‍ෂා වන ලෙස යහපත් නීරෝගී ජීවිතයක්‌ ගතකිරීමට හැකිවන ලෙස ආහාර පිළියෙළ කරන ලදී.
මෙරට නව බෝග වගාව තුළින් ආහාරයට වස විස එකතුවීමට අමතරව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියෙන් ද ආහාරයට වස විස එකතු කිරීමක්‌ කරනු ලැබීය. විශේෂයෙන් මෙරට ජනතාව විසින් මෑත කාලයේ ක්‍ෂණික ආහාර අනුභවයට පුරුදුවීම මගින් පාරිභෝගින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට දැඩි තර්ජනයක්‌ එල්ල වී ඇත. මෙම ක්‍ෂණික ආහාර සැකසීමට යොදාගන්නා විස සහිත රසකාරක සහ ආහාර වර්ණ ගන්වන වර්ණක නිසා ද ආහාරයට විස එකතු කිරීම සිදු කරනු ලබයි.
පාසල් ආපනශාලා මෙන්ම අනිකුත් ආපනශාලාවල හෝ නිවසේදී පාරිභෝජනයට ගන්නා පෙර සැකසූ මාංශමය ආහාර මඟින් පිළිකා ඇතිවීම 18% ක අවධානමක්‌ ඇතිබව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ආහාර සැකසීම සඳහා වෙළෙඳපළෙන් අප මිලදී ගන්නා මිරිස්‌ කුඩු, තුනපහ කුඩු, ඇතුළු අනිකුත් ද්‍රව්‍ය සඳහා නිෂ්පාදකයන් හෝ වෙළෙන්දන් වසවිස එකතුකරනු ලබන්නේ අධික ලාභයක්‌ ලැබීම සඳහායි. එපමණක්‌ ද නොව කෙසෙල්, අඹ වැනි පලතුරු ඉදවීම සඳහා භාවිත කරන අධි විස සහිත ද්‍රව්‍යයන් මඟින් අපගේ සෞඛ්‍ය විනාශවී යයි. මාළු කල්තබා ගැනීමට භාවිත කරන විස ද්‍රව්‍ය මෘත ශරීර කල්තබා ගැනීමේදී ද භාවිත කරයි.
ආහාර නිෂ්පාදනය සඳහා නැතිවම බැරි ද්‍රව්‍යයකි පොල්තෙල්. පොල්තෙල් සඳහා ආදේශක වශයෙන් විවිධ තෙල් වර්ග මිශ්‍රකර ඇති අතර ඒවා පිළිකාකාරක ද වෙයි. වෙළෙඳපළෙහි ගුණාත්මක පොල්තෙල් ඉතා දුර්ලභය. තම වගකීම නිසි ලෙස ඉටුකරනු ලබන්නේ අතලොස්‌සක්‌ වූ සමාගම් කිහිපයකි. ඉන් ප්‍රධාන තැනක්‌ ,ඊෂධ FධධෘS, සමාගමට හිමිවේ. එම සමාගමේ ගුණාත්මක පොල්තෙල් වරක්‌ දෙවරක්‌ නොව කිහිපවරක්‌ බැදගැනීමට හැකි අතර බාල පොල්තෙල් එක්‌වරක්‌ හෝ භාවිතයට සුදුසු නැත. අප මුතුන්මිත්තන් ආහාර පිසගැනීමට භාවිත කර ඇත්තේ පොල්තෙල් සහ මී තෙල් පමණක්‌ බව ද සිහිතබා ගත යුතුය.
කෙසේ වෙතත් වස විස සහිත ආහාර වලින් මෙරට ජනතාව ආරක්‌ෂා කිරීම සඳහා ව්‍යවස්‌ථාපිත ආයතනයක්‌ හා නීති ද ඇත. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනත මඟින් පිහිටවූ පාරිභෝගික අධිකාරිය එවැනි ආයතනයක්‌ වේ. මෙම කුමන ආයතන තිබුණත් රාජ්‍ය ලාංඡනය භාවිත කරමින් වෙළෙඳපළෙහි දේශීය සහල් අලෙවි කරන කූට වෙළෙදුන් ද අපට දැකගත හැකිය. මෙම අධිකාරි බලය වෙළෙදුන්ගේ මිල මුදල් හමුවේ නිරුතරය. එය කොතරම් ද කිවහොත් පාරිභෝගිකයාගේ වකුගඩු ගැලවී ගිය ද ඔවුන් නිහඬය.
1980 අංක 26 දරන ආහාර පනත මෙරට ආහාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන නීතිය වන අතර පනත ප්‍රකාරව සෞඛ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ආහාර සම්බන්ධව නිසි බලධාරියා ලෙස කටයුතු කරයි.
කූමන අධිකාරියක්‌ තිබුණ ද නීති තිබුණ ද ඒවා මිල මුදල් හමුවේ නිහඬ වන සමාජයක අපගේ ආහාරයේ හොඳ නරක තෝරාගැනීම තමන් විසින්ම කළ යුතුව ඇත. කිසිදු අධිකාරියක්‌ හෝ පනතක්‌ නොමැති අවධියේදී ආහාරයේ සංහිඳියාව තුළිsන් නිරෝගී පරපුරක්‌ බිහිවිය. ‘පැරබෝවා’ එනම් පැරැණි බෝග වගාවට අප නැඹුරු වියයුතු කාලය එළඹ ඇත.
ඇම්. ඒ. රසික පේමසිරි
සභාපති
පැරබෝවා ගොවි සංවිධානය, ලුණුවිල

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *