ඇමති රාජිත මාලේ යයි

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට (05) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70 වන සැසිවාරයට සහභාගිවීම සඳහා අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
එම සැසිවාරය ලබන 06 වනදා සිට 11 වනදා දක්වා මාලදිවයිනේ මාලේ අගනුවර පැවැත්වෙන බව වාර්තා වෙයි.
මෙම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ සභාපතීත්වය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හොඹවන අතර එම සභාපතීත්වය මෙවර මාලදිවයින සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් නසීම් ඊබ්රයහිම් මහතා වෙත පිරිනෑමීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.