උතුරු කොරියාවේ භූකම්පනයක්; මිසයිල පරීක්ෂණයක් දැයි සැක

උතුරු කොරියා භූමියේ විශාල කම්පන තත්ත්වයක් හට ගත් බව විදෙස් වාර්තා පවසයි.
එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් හටගත් එකක් බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.
මෙම කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසට සටහන් වී ඇති බවටයි අමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.
මෙම කම්පනයත් උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමකින් සිදුවු එකක් බවට ද සැක මතුවී තිබෙන බව බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා සචහන් කර ඇත.
මේ අතර හයිඩ්‍රජන් බෝම්බයක් ලෙස සැළකෙන බැලිස්ටික් මිසයිලයක රැදවිය හැකි වඩාත් දියුණු න්‍යෂ්ටික අවියක් තමන් නිෂ්පාදනය කර ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.