කැබිනට්ටුවේදී දයාසිරිගෙන් අර්ජුනට ප්‍රහාරයක්! ගැටුම වළකන්න ජනපතිත් මැදිහත් වෙයි

සුපුරුදු පරිදි මේ සතියේ කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා උදෑසන පැවැත්විණි. මේ සතියේ කැබිනට් මණ්ඩලයට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් දයාසිරි ජයසේකර ඇමැතිවරයා ඉදිරිපත් කර තිබුණි. එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වන විට දයාසිරි කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ නැත. එහෙත් අර්ජුන රණතුංග ඇමැතිවරයා දයාසිරිගේ කැබිනට් පත්‍රිකාව ගැන අදහස් දක්වන්න විය.
මේ කැබිනට් පත්‍රිකාවේ ගැටලු තිබෙනවා. ඒ නිසා නැවත පරීක්ෂා කරලා මේක ඉදිරිපත් කරන්න අර්ජුන අදහස් දැක්වූවේය.
අර්ජුන දයාසිරිගේ කැබිනට් පත්‍රිකාවට විරුද්ධව අදහස් දක්වමින් සිටියදී දයාසිරි කැබිනට් රැස්වීමට පැමිණියේය.
දයාසිරි, ඔයාගේ කැබිනට් පේපර් එක ගැන තමයි මේ කතා කරන්නේ දයාසිරි එනු දුටු මෛත්‍රී කීවේය.
මොන කැබිනට් පේපර් එකද සර් යැයි අසමින් දයාසිරි කැබිනට් රැස්වීමේ අසුන් ගත්තේය.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය නවීකරණය කිරීමේ කැබිනට් පේපර් එක ගැන කතා කරන්නේ. ඒක ගැන තමයි අපි මේ කතා කරන්නේ අර්ජුන උත්තර බැන්දේය.
මෙහෙම කරන්න අමාරුයි. දැන් ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා පරිපාලකයන් විවේචනය කරනවා. වරාය අමාත්‍යාංශයේ ඉන්න කාලෙදී හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැතිව කකුලින් ඇද්දා. දැන් ක්‍රීඩා අමාත්‍යාංශය විවේචනය කරන්න හදනවා. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා පාලකයන්ගේ මානසිකත්වය විනාශ කරන ප්‍රකාශ මාධ්‍යයට දෙනවා. එහෙම කරන්න එපා දයාසිරි වේගයෙන් අර්ජුනට පහර දුන්නේය.
මම මගේ මතය ප්‍රකාශ කළේ දයාසිරිගේ වේගවත් වාග් ප්‍රහාර මැද අර්ජුන උත්තර බඳින්න උත්සාහ ගත්තේය.
දැන් ඇමැතිවරු දෙදෙනාගේම මත ගැටුම අවසන් කරන්න. මේ ගැන සොයා බලා කටයුතු කරමු මෛත්‍රී කතාවට තිත තැබුවේය.
-ලක්බිම-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.