
කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් ලැබෙන්නේනම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසයි. ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට අවශ්‍ය වී ඇත්තේ බලය බෙදීමක් පමණක් බවයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සභාපතිත්වය දරන දෙමළ ජනතා සංසදයේ විද්වත් හමුවකට යාපනය වීරසිංහම් ශාලාවේදී රැස්වීමෙන් පසු ඔහු මේ බව සදහන් කලේය.
එය ඒකීය පාලනයක් වූවත් ෆෙඩරල් පාලනයක් වූවත් තමන්ට ගැටළුවක් නොවන බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය.
මේ එහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා –
‘අපිට ඕන බලය බෙදීමක් ඒක ඒකීය පාලනයක් තුල ආවත් කමක් නැහැ ෆෙඩරල් පාලනය තුල ආවත් කමක් නැහැ කියලා ඇත්ම් පිරිස් කියනවා.
ඒ වගේම අපි මෙතනින් වෙන්වෙලා යන්න යනවා කියලා ඇතමුන් අතර බියක් ඇති වෙලා ඒ ගැන කව්රුත් බියක් ඇති කරගත යුතු නැහැ.
ඕන නම් අපිට ඉන්දියාව, බ්‍රිතාන්‍ය හෝ වෙන ඕන රටක් හරහා හරි එහෙම වෙන් නොවන බවට සහතික වෙන සම්මුතියකට එලඹෙන්න පුලුවන්.
මෙතනදී අපි කියන්න ඕන එකීය පාලනයක් තුල කොතරම් බලය බෙදීමක් සිදු වුනත් ඒක ස්ථීර නැහැ නීත්‍යානුකූල නැහැ ඒ දුන්නු බලය දීපු අයම නැවත ලබාගනීවි කියන තත්ත්වයකට කවදහරි පත්වෙයි කියල අපි අමතක කරන්න හොඳ නැහැ.
බහුතර අය අපිව පාලනය කරන විදිහට බලයක් සහිතව නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නෙ නැහැ.
ඒ නිසා අපිට කිසිවෙකුට යලි ලබාගන්න බැරි වෙන අයුරින් බලය නීත්‍යානුකූලව ලැබිය යුතුයි එහෙම වුනොත් විතරයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා නිදහසේ මේ රට තුල ජීවත් වීමට අවස්ථාව උදා වෙන්නේ යනුවෙනි.