ග්‍රීන්ටෙල් නව සන්නාම තානාපති ඩිලන්ත මාලගමුව

ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය සලකුණ තැබූ ග්‍රීන්ටෙල් මොබයිල් සමාගමේ නව සන්නාම තානාපති ධුරයට ජාත්‍යන්තරය ජයගත් අති දක්‌ෂ මෝටර් රථ ධාවන ශූරයකු වන ඩිලන්ත මාලගමුව මහතා පත්විය. වසර තිහක පමණ සිට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්‌ෂේත්‍රය පමණක්‌ නොව ජාත්‍යන්තරය ද ජය ගනිමින් මෙරටට ජයග්‍රහණ රැසක්‌ ලබාදීමට ඩිලන්ත මාලගමුව මහතා සමත් විය. එසේම ඔහු මෙරට ක්‍රීඩා ක්‌ෂේත්‍රයට මෙන්ම නව පරපුරට ආදර්ශයක්‌ සපයා ඇති ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා තරුවකි.
සම්පූර්ණයෙන්ම දේශීය සමාගමක්‌ වන ග්‍රීන්ටෙල් මොබයිල් සමාගම හෙට දිනයේදී අභිමානවත් ශ්‍රී ලාංකේය සන්නාමයක්‌ ජත්‍යන්තර මට්‌ටමින් ව්‍යාප්ත කිරීමට සූදානමින් සිටියි. ග්‍රීන්ටෙල් මොබයිල් සමාගම දැනටමත් සිංගප්පුරුව, මැලේසියාව, පැපුවා නිව්ගිනියාව සහ ෆීජී යන රටවලට ප්‍රථම වරට ග්‍රීන්ටෙල් ජංගම දුරකථන සාර්ථකව අපනයනය කරයි. මෙලෙස ජාත්‍යන්තරය ජන ගනිමින් සිටින ග්‍රීන්ටෙල් මොබයිල් සන්නාමයේ ජවය, බලය සහ හරය නිරූපණය කරන සලකුණක්‌ ලෙස ක්‍රීඩා ශූර ඩිලන්ත මාලගමුව මහතා හැඳින්විය හැකිය.
දිගුකාලීන සබඳතාවකට මඟ කියමින් ක්‍රීඩා ශූර ඩිලන්ත මාලගමුව ග්‍රීන්ටෙල් මොබයිල් ආයතනයේ සිදේශ් මල්ලවආරච්චි, සුරා- පෙරේරා සහ කේ. නගුලේස්‌වරන් යන අධ්‍යක්‌ෂවරුන් සමඟ ගිවිසුම් අත්සන් කළේය. ශ්‍රී ලංකාවෙන් බිහි වී ජාත්‍යන්තරය ජයගත් විශිෂ්ටයන් දෙදෙනකුගේ සුවිශේෂ එකමුතුවක්‌ ලෙස මෙය හැඳින්විය හැකිය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *