දයාගමගේ ප්‍රමුඛ ගමගේ සහ පවුල් සමාගම එජාපයට පිළිලයක් වෙයි!

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මුල්‍ය සම්පාදකයෙකු, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වන දයා ගමගේ ප්‍රධාන ගමගේ පවුල් සමාගම මේ වන විට එක්සත් ජාතික පක්ෂයට පිළිලයක් වෙමින් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
ගමගේ සහ පවුල් සමාගම තම මුදල් පක්ෂය වෙනුවෙන් වැය කරන බව පවසමින් එම පක්ෂයට තම පවුලේ ග්‍රහණයට ගෙන තම පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීමේ සැලසුමක නිරතව සිටින බව වැඩිදුරටත් වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවල අනූව පක්ෂය තුළ පවුල් සමාගම් ගොඩ නැඟීම සපුරා තහනම් වන අතර එහෙත් එය කඩ කරමින් දයා ගමගේ තම බිරිඳ වන අනෝමා ගමගේවද එජාපයේ ජාතික ලැයිස්තුවෙන්ම පාර්ලිමේන්තුවට රිංගවා ගත්තේය. එවැන්නක් මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු නොකළ දෙයක් වන අතර එය දයා ගමගේ සිදුකළේ තමා පක්ෂය වෙනුවෙන් කරන වියදම් වලට හිලව් කරගැනීම සඳහා බවත් සඳහන්. මෙයට එජාපයේම පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් අවස්ථා කිහිපයකදී එජාප නායක සහ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තම විරෝධයද දක්වා ඇත.
කෙසේ වෙතත් දයා ගමගේ ප්‍රධාන ගමගේ පවුල් සමාගම මේ වන එජාපය හැසිරවීම තම ග්‍රහණයට නතු කරගැනීමේ සියුම් සැලැස්මක නිරතවන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන අතර මේ සඳහා දයාගේ අතිජාත මිතුරන් වන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය අනුග්‍රහය දක්වන බවට කරුණු වාර්තාවේ. එජාපය වසර 29ක් විපක්ෂයේ සිටියද එවක රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදු වූ අතිදැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක් දයා ගමගේට අයත් සමාගම් විසින් සිදුකළ බව බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි. ගෝඨාගේ නගර අලංකරණ ව්‍යාපෘතිවල ගෝඨා ගල් ඇල්ලුවේද දයාගේ ගල් සමාගම්වලින් බවත් ප්‍රසිද්ධය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *