දේශපාලඥයින් නිල කබා වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි – ෆීල්ඩ් මාෂල් (Video)

දේශපාලඥයින් නිලකබා වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් සෑම දේශපාලඥයෙකුම තමන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ වගකීමෙන් සිදු කළ යුතු බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අතීතයේ වෙනසක් නැතුව වරදක් කළ විට හමුදා නිලධාරීන්ට දඩුවම් ලබා දුන් බවත් එනිසා රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිට නිල ඇඳුමක් දරා සිටිය ද යම් වැරුද්දක් කර ඇත්නම් එයට දඩුවම් ලබා දිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා එනිසා රාජ්‍ය නායකයින් හා දේශපාලඥයින් තම ප්‍රකාශයන් පිළිබඳ වගකීමෙන් හැසිරිය යුතු බව ද අවධාරණය කර සිටියේය.
දේශද්‍රෝහියෙකු ලෙස අද වන විට තමා හඳුන්වනු ලබන බවට මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පසු ගිය කාලයේ දී දේශද්‍රෝහීන් ලෙස අද තමාට කියන පුද්ගලයින් යුද සමයේ දී අනුරාධ පොළොන්නරුව ප්‍රදේශයෙන් එහාට හෝ යෑමට බිය වු පිරිසක් බවයි.
[youtube KNF_c2c3Yj0]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.