
හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව මෙරට කිසිවකුට හෝ කිසිඳු ලෙසකින්වත් අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රීලනිප 66 වෙනි සංවත්සර උත්සවය කොළඹ – කැම්බල් පිටියේදී අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ “ මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි. මුහුදෙන් එතෙර ප්‍රශ්නයක්. ජගත් ජයසූරිය මහතාට පමණක් නොවෙයි මේ රටේ කිසිවකුට අත තියන්න ලෝකේ කාටවත් මම ඉඩ තියන්නේ නෑ. එන්ජීඕ කියන විදියට මම නටන්න ලෑස්ති නෑ. රටට ආදරේ කරන රාජ්‍ය නොවන සන්විධාන එක්ක මම වැඩකරනවා‘‘ යැයි ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම තමන් සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවූයේ සංගීත පුටු තරඟයකට ඉදිරිපත්වීමට හෝ විනෝදයකට නොවන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.