ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගුවන් සේවා සමීක්‍ෂණයක් සිදුවෙන බව වාර්තා වන බැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම එවැනි කිසිදු ප්‍රවේශ පත්‍ර ලබාදීමක් නොකරන බව නිවේදනය කර සිටී.
එසේම එය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවර්ධන කටයුත්තක්‌ද නොවන බව ඉතා වගකීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.
එය අපගේ වටිනා පාරිභෝගිකයන් නොමග යෑවීමට උත්සාහ කරන ව්‍යාජ වෙබ් අඩවියක් මගින් සිදු කරන්නකි. කරුණාකර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වෙබ් අඩවියට සෘජු සම්බන්ධයක් නැති ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට උත්සාහ නොකරන්න. මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම Partner Flies Free දීමනාව www.srilankan.com වෙබ් අඩවිය හරහා පමණක් පාරිභෝගිකයන්ට නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශපත් පිරිනැමීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සෘජුව මැදිහත්වීමකින් සිදු නොකරන ප්‍රවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නොගන්නා බවද සමාගම දැනුම්දී සිටී. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලබාදෙන ඕනෑම වෙනත් ප්‍රවර්ධන දීමනා සඳහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට දැනගත හැකි අතර එය අපගේ එකම නීත්‍යානුකූල වෙබ් අඩවිය වන බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.