2020 දී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානගත තනි ආණ්‌ඩුවක්‌ හදනවා – එජනිස මහ ලේකම්

එළැඹෙන 2020 වසරේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
ජාතික ආණ්‌ඩුව පිහිටුවීමේ අරමුණු රැසක්‌ මේ වනවිට ඉටුකරගෙන ඇතැයිද ඉදිරි වසර කිහිපයේදී සෙසු අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවද ඊයේ (07 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවැසීය.
එමෙන්ම ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ‘අත’ හෝ ‘බුලත්කොළය’ ලකුණින් අනිවාර්යෙන්ම තරග කරන බවද වෙනත් කිසිදු ලකුණකින් තරග නොකරන බවද අමරවීර මහතා කිය.
2020 දී තම පක්‍ෂයේ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවද ඒ වනවිට ජාතික ආණ්‌ඩුවේ අරමුණ ඉෂ්ට වී රටේ ප්‍රශ්න විසීඳී තිබෙනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිරි මැතිවරණවලදී එක්‌ව තරගකර ජයග්‍රහණය කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරන බවද කවුරුත් එක්‌ නොවූවද තම පක්‍ෂය සියලු කොට්‌ඨාසවලට තරග කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *