ඔසරි පොට උස්සන්න පාසල් ළමයින් ගත්තාට අඛිලගෙන් පරීක්ෂණයක්

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයකදී මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සඳහා අලවතුගොඩ කනිෂ්ඨ විද්‍යාලයයේ ළමයින් 250ක් පමණ යොදාගෙන තිබිණි.
පෙරේදා (21)මෙම මංගල උත්සවයේ මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් එම අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ.
මෙම ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා කිලෝමීටර 04ක ආසන්න දුරක මාර්ගයේ දිග හරිනු ලැබූ අතර සිටි පාසල් සිසුවියන් 250 දෙනකු පමණ අල්ලාගෙන සිට ඇත. උදෑසන 6ට පමණ බස් රථ වලින් සිසුන් එම ස්ථානයට ගෙන ගොස් ඇතැයි ද වාර්තා වී තිබේ. එහිදී ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලිය ලෙස වාර්තා තබා ගිනස් පොතට එක්වීමට මෙම මනාලිය කටයුතු යොදා තිබිණි.
කෙසේ වුවද මෙම සිසුන් අලුයම් කාලයේ සිටම මේ කටයුත්ත සඳහා අදාළ ස්ථානයට පැමිණීම මෙන්ම පාසල් වේලාව තුළ මෙම සිසුවියන් වෙනත් කටයුතු සදහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද කරුණු ළමාරක්ෂක අධිකාරියට වාර්තාවී ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් මගින් කරුණු පැහැදිලි කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසන්නේ කිසිදු කටයුත්තක් සඳහා ළමුන්ව හිංසනයට ලක්වන අයුරින් භාවිත කිරීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන අතර, එවැනි හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්‍රි ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසයි .

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.