බුදුදහමේ සඳහන් රෝග නිවාරණ ක්‍රම

රෝග නිවාරණය සහ චිකිත්සකක්‍රම අතර අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ ප්‍රායෝගිකව ක්‍රියාකළ අවස්‌ථා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. තිස්‌ස හිමියන් අධික ලෙස ගිලන්වූයේ මහලු බවද එකට මිශ්‍ර වීමෙනි. ලෙඩ යහනේදීම ශරීරයේ සැදුනු සැරව ගෙඩි නිසා අධික ලෙස පිළිකුල් ශරීරයකින් හොබනේ විය. zපූතිගත්ත තිස්‌ස යනුවෙන් විශේෂණ නාමයක්‌ද ඒනිසා පැටබැඳුණි. සියල්ලෝ තිස්‌ස තෙරුන් වෙතින් ඉවත් වූහ. පසුව උපස්‌ථායකයා බවට පත්වන්නේ ගෞතම බුදුරදුන් පමණි. යමෙක්‌ ගිලනුන්ට උපස්‌ථානකරන්නේ නම් එය බුද්ධ උපස්‌ථානයක්‌ හා සමානවන බවද දේශනා කළ සේක. බුදුරදුන් මෙහිදී ක්‍රියාකළ ආකාරයෙන් රෝගියකු පිsළිබඳ නිර්ණායක දෙකක්‌ ඉදිරිපත් වේ.
01. රෝගියකුට නිසි වෙලාවට නිසි ඇප උපස්‌ථාන කිරීම 02. රෝගියා මනාව පවිත්‍රව තබා ගැනීම
ඇප උපස්‌ථානය මෙන්ම, පිරිසිදුකමද, රෝග වාහක ව්‍යාප්ත වීමට තිබෙන අවස්‌ථා අවම වීමට හේතු වේ. රෝගියා මෙන්ම අවට පරිසරයද ආහාරපාන මෙන්ම අවට පරිසරයද ලෙඩ රෝග ඉක්‌මනින් සුවවීමට හේතු සාධක වේ. අද පවා ලෙඩ රෝග බහුල වශයෙන් පැතිරී යන්නේ පාරිසරික අපවිත්‍රතාවය නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමය. මෙයට වර්ෂ දෙදහස්‌ පන්සිය හයකට පෙර, ගෞතම බුදුරදුන් රෝගියකු සහ රෝග උපස්‌ථානයද, රෝග මර්දනයටද අදාළ පිළිවෙත් නිශ්ශබ්දව, ප්‍රායෝගිකව ලොවට පෙන්වා වදාළ සේක.
අවස්‌ථානුකූලව ඒ පිළිබඳව විවිධ කරුණු කාරණා දේශනා කරමින් ගිලන් සේවාව සහ රෝග නිවාරණය පිණිස අනුගමනය කළ යුතු පිළිවෙත් බුදුරදුන් ඉදිරිපත් කර තිබේ. වාත, පිත, සෙම කෝපවීමෙන් රෝග පහළවීම ප්‍රධාන වශයෙන් ඉවහල්වන බව බෞද්ධ මතයයි. තුන්දොස්‌ කිපීම නිසා ඇතිවන ආබාධ ගැන ආයුර්වේද ඇතුළු පෙරදිග වෛද්‍ය විද්‍යාවේද පිළිගත් මතය වේ. වාත සමුට්‌ඨානා ආබාධ ආදී වශයෙන් රෝග බීජ ප්‍රකට කළ බුදුරදුන් සෘතු විපර්යාස නිසාද, ආහාර විෂවීම නිසාද රෝගබාධ පහළවන බව පෙන්වා දුන්හ. එසේම කර්ම විපාක නිසා සංසාරික වශයෙන් ජනිතවන ආබාධ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
තුන්දොස්‌ සමනයට අදාළ ප්‍රතිකාර ක්‍රමද, සෘතු විපර්යාස නිසා අතිවන අතුරු ආබාධ සඳහාද පිළියම් ඇත. එනමුදු කම්ම විපාකජ ආබාධ ලෙස සඳහන් කර්ම විපාකජ ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම විරලය. ඇතැම් විට ඒවාට පිළියම් ප්‍රත්‍යක්‍ෂ නොවී මාරාන්තික විය හැකිය. ත්‍රිපිටක සාහිත්‍යාගත රෝග නිවාරණ ක්‍රම පිළිඳව සාකච්ඡා කිරීමේදී සූත්‍ර පිටකයට අයත් සංයුක්‌ත නිකායද වැදගත් වේ. එහි ගිලාන සූත්‍ර ගණනාවක්‌ දක්‌නට ලැබේ. එහිදී බුදුරදුන් අලුත පැවිදිවූ භික්‌ෂුන් වහන්සේ දෙනමකට ඇතිවූ ශාරීරික දරුණු ආබාධ කෙරෙහි අවධානය යොමුකර ඇත. සංයුක්‌ත නිකායේ සළායතන වර්ගයේ සඳහන් පඨම හා දුගිය ගිලාන සූත්‍රවලදී රෝගීවූ භික්‌ෂුන්ගෙන් බුදුරදුන් සම්පූර්ණ වාර්තාවක්‌ ලබාගෙන ඇත.
zඔබේ රෝගය දරුණුද? නැද්ද? නොඉවසිය හැකිද? ශීලය පිළිබඳ ගැටලු තිබේද? ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට විෂය වන රූපාදී අරමුණු සම්බන්ධ ගැටලු තිබේද? ආදී න්‍යායන් බුදුරදුන් ප්‍රශ්න නගා පිළිතුරු ලබාගෙන තිබෙන බව එම සූත්‍ර විමර්ශනයෙන් හෙළිවේ. ධර්ම අවවාද තුළින් ගිලන් භික්‌ෂුන්ගේ සිත සංසුන් කර, රෝගාබාධවලට පිළියම් ලබාදුන් අවස්‌ථාවක්‌ සංයුත්ත නිකායෙන්ද හෙළිවේ.
සංයුක්‌ත නිකායේ චිත්ත සංයුත්තයේ සඳහන් ගිලාන සූත්‍රය තරමක්‌ වෙනස්‌ ස්‌වරූපයක්‌ උසුලයි. බුදුසිරිතේ සඳහන් ප්‍රසිද්ධ චරිතයක්‌ වූ චිත්ත ගෘහපතියා දැඩිසේ ගිලන් විය. ආබාධිත විය. රුක්‌ දෙවිවරු, වන දෙවිවරුන් ආදී දෙවිවරුන් චිත්ත ගෘහපතියා වෙත එළඹ ප්‍රකාශ කළේ ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කරන ලෙසය. ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කරමින් ඉතිපිසෝ භගවා ආදී සූවිසි මහ ගුණ පවසද්දී චිත්ත ගෘහපති තෙම පරලෝ සැපත් විය. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් දැඩි සේ ගිලන්ව, තම කායික ආබාධ කෙතරම් දරුණු වුවත් ඒවා මානසික ප්‍රකම්පනයට අදාළ කර නොගෙන වැඩ සිටි අවස්‌ථාවක්‌ සංයුක්‌ත නිකායේ රහෝගත වර්ගයෙන් හෙළි වේ. කායික ආබාධය කෙතරම් දරුණු වුවත් අනුරුද්ධ තෙරුන් ශරීරයේ ස්‌වභාවය නම් ලෙඩ දුක්‌වලට ගොදුරුවීමේ ප්‍රවණතාව බව එම සූත්‍රයෙන් අවධාරණය කර ඇත.
සංයුක්‌ත නිකායේ සපඤ්ඤ වර්ගයේ සඳහන් ගිලාන සූත්‍රය ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර න්‍යග්‍රෝධාරාම ආශ්‍රිතව දේශනා කරන ලද්දකි. මහානාම නම් ශාක්‍යය ගිලන්වූ ආබාධිත වූ දැඩි සේ සෞඛ්‍ය තත්ත්වය පරිහානියට පත්වූ අයෙකු කෙරෙහි ධර්ම ශක්‌තිය ජීවයක්‌ ලෙස පිහිටා තිබෙන බව වදාළ සේක. සංයුක්‌ත නිකායේ සතිපට්‌ඨානා සංයුක්‌තයේ සඳහන් ගිලාන සූත්‍රය විසල් පුරයට නුදුරු බේලුව නම් ග්‍රාමයේ වස්‌ එළැඹීමේදී සිදුවූ කම්පනීය පුවතකි. එහිදී බුදුරජාණන් වහන්සේ දැඩි සේ ගිලන්වූයේ සම්බුද්ධ පරිනිර්වාණයට තරමටම ආබාධිත විය. බුදුරදුන්ට උපන් දැඩි රෝගී තත්ත්වය එම ගිලාන සූත්‍ර පෙළෙහි සඳහන් කර තිබෙන්නේ බරො ආබාධො ලෙසිනි. ක්‌ෂණයකින් ඒ ස්‌ථානයට සමීපවූ ආනන්ද තෙරුන්ට බුදුරදුන් වදාරන්නේ තමන් අන්දුන්කුන්දුන්වූ බවකි. zබුදු සිරුර ගැන නොවැටහේ. දිශාවෝ මට නොතේරෙයි. මගේ ශරීරය තද වූවා සේ දැනේ යෑයි බුදුරදුන් වදාළ සේක.
අසූවිය සපිරූ බුදුරදුන් තම ශරීරයේ හටගත් ආබාධය වීර්ය බලයෙන් යටපත් කරගනිති. ආනන්දය දිරාගිය කරත්තයක්‌ වැනිවූ, දිරාගිය කරත්තය උණ පතුරු ගැටගසා පිළිසකර කරගන්නා සේ බුද්ධ ශරීරයද තාවකාලික පිළියම්වලින් යාවත්කාලීන කරන විලාසය බුදුරදුන් වදාරති. තමන්ට තමන් සරණ කොට වාසය කිරීමටත්, ශික්‌ෂාකාමීව ජීවත්වීමත් එකම පිළිසරණ බවද එහිදී වදාරති. එහිම සඳහන් දුතිය ගිලාන සූත්‍රයෙන් කලන්දක නිවාපයේ වේළුවනාරාමයේදී අග්‍රශ්‍රාවක මහා මොග්ගලාන තෙරුන් ගිඡ්Cධකූට පර්වතයේ දැඩි සේ රෝගී තත්ත්වයට පත්වේ. එහිදී ධර්මයෙන් මුගලන් තෙරුන් සුවපත් කරන ආකාරය එම සූත්‍රයෙන් ප්‍රකාශ වේ.
ඉන්දියාවේ කඳු ගංගා තරණය කරමින්, සංචාරක ජීවිතයෙන් සහ ධර්ම චාරිකාමය ජීවිතයෙන් බුදුරදුන් මෙන්ම ශ්‍රාවකයන්ද අනතුරුවලට කොතෙකුත් භාජනය වන්නට ඇත. සාපිපාසා නොතකා සදහම් චාරිකාවක සඳහාම සිය කාලය ශ්‍රමය කැප කළ බුද්ධ ශ්‍රාවකයෝ ධර්ම ශාන්තියෙන් සුවපත්වූ අවස්‌ථා බහුල වශයෙන් දක්‌නට ඇත. පිවිතුරු මුනිවරුන් සිතේ සැහැල්ලු බව නිසාම කායික ආබාධ, අබාධ ලෙස නොසලකති. සිතේ ලෙඩ රෝග ආර්ය උතුමන්ට පහළ නොවේ. බුදුරදුන්ට මෙන්ම, බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ප්‍රධාන පෙළේ මහ තෙරුවරුන්ට බොහෝ සෙයින්ම වැළඳී තිබෙන්නේ උදරාබාධ හෝ වතා අමාරු වැනි ආබාධයන්ය. ආහාරපාන වලින්ද, අධික වෙහෙස නිසාද එම විපර්යාස ජනිත විය හැකිය.
ආහාරපාන පිළිගැනීමේදී, තමන්ට යෑපෙන තරමට ඒවා පිළිගැනීමටත්, දන් වැළඳීමේදී, ස්‌වල්පයක්‌ අනුභවකොට ජලය පානය කිරීමෙන් ශාරීරික සුවතාවය පිණිස ඉවහල්වන බව බුදුදහමේ ඉගැන්වේ. රාත්‍රී ආහාරය වර්ජනය කිරීමද, බුදුරදුන් අනුදැන වදාළේ පහසු විහරණය ගරුකිරීම තුළිනි. ඒකංස භොජනය හෙවත් දිනකට එක්‌ වේලක්‌ පමණක්‌ අනුභව කිරීම නිරෝගී මනසක්‌, නිරෝගී ශරීරයක්‌ හදා වඩා ගැනීමට මහත් උපකාරයක්‌ බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක .
යාගු (කැඳ) යාගු භක්‌තං (කැඳ බත්) ආදිය ආහාරයට ගත් අවස්‌ථා සූත්‍ර පිටකයෙන් හෙළි වේ. සිහිබුද්ධියෙන් ක්‍රියා කිරීමත්, ජාගරතානුයෝගීව ඉන්ද්‍රියන් අවදියෙන් පවත්වා ගැනීමත්, කායික හා මානසික නිරෝගිතාවට ඉවහල් වේ. දින චරියාවකට අනුව වැඩකිරීමත්, පාන්දර අවදිමත්, දවල් නොනිදා සිටීමත් ලෙඩ රෝග බෙහෙවින්ම පහව යැමට හේතු වේ. නිරෝගිකම පරම ලාභය ලෙස (අරෝග්‍යා පරමා ලාභා) ලෙස බුදුදහමින් අවධාරණය කර ඇති හෙයින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට එකල සමාජය පුරුදුවී සිටියහ.
බුදුරදුන් පහළ වන සමයේදී ඉන්දියානු සමාජය තුළ දරිද්‍රතාවය ඉහළ ගොස්‌ තිබිණි. රජවරු, සෙට්‌ඨිවරු සහ වෙනත් ප්‍රභූ පිරිසක්‌ පමණක්‌ ආර්ථික වශයෙන් සමෘද්ධිමත්ව සිටියහ. සුරාපානය උන්මාදනය ඇතිකරවන කායික වශයෙන්ද, මානසික වශයෙන්ද ආබාධිතයෙක්‌ වන නපුරු සාධකක්‌ ලෙස අර්ථකථනය කර ඇත. සංයුක්‌ත නිකාය ආශ්‍රිතව ලෙඩ රෝග වැළඳුන රෝගීන් ගැනද කියෑවෙන අතර, තමන් මැනවින් ප්‍රගුණ කළ යම් කිසි සත්‍ය ධර්මතාවක පිළිසරණේ බලයෙන් ජීවය කැටිකළ පිරිත් නූලක බලයෙන් පිරිත් පැන් බිඳකින් එම ලෙඩ රෝග සුවපත් කරගන්නා ආකාරය එම ගිලාන සූත්‍ර අනුසාරයෙන් හෙළිකර ඇත.
සංයුක්‌ත නිකායේ ගිලාන සූත්‍ර සියල්ල විමසන විට පැහැදිලිව පෙනී යන කරුණක්‌ කෙරෙහි වර්තමාන සමාජයේ අවධානය යොමු කළ යුතුය. ලෙඩකුට, රෝගියකුට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ මානසික ශක්‌තියයි. මානසික සුවයයි. විවිධාකාර ප්‍රශ්න රෝගියකුගේ හිස මතට දැමීම රෝග නිවාරණයට බාධාවකි. රෝගියකුගේ සිත රහතන් වහන්සේගේ පාරිශුද්ධ සිත මෙන් නිරවුල් තැන්පත් එකක්‌ විය යුතුය. ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කිරීමද, දිනපතා පාන්දර අවදිවූ විගස නමස්‌කාර පාඨය තෙවරක්‌ සඡ්ධායනා කරමින් තමන්ට තම නිවසේ උදවියට ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගැනීම බොහෝ කරදර අඩුවෙන් සම්බාධක රහිතව තම දෛනික කටයුතු සිදුකර ගැනීමට හේතුවන බව සිහිපත් කළ යුතුය.
-මාදොවිට වජිරබුද්ධි හිමි-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *