විදුලිබල වර්ජනය ලත්තැනම ලොප් වෙයි! සේවක නිවාඩු අවලංගුයි!

අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූම සේවකයින්ගේ නිවාඩු ලබන 20 වන දා දක්වා අවලංගු කරන බව චක්‍රලේඛනයක් මඟින් නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ.කේ.සමරසිංහ මහතා පවසයි.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක් විසින් අද(13) දින දහවල් 12 සිට අඛණ්ඩව දින දෙකක වර්ජන ක්‍රියාවලියක නිරත වන බවට කළමණාකාරීත්වයට දැනුම් දී තිබේ.
මොනයම් තත්ත්වයක වුවද රටට අඛණ්ඩව විදුලිය සැපයීම විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් බැවින් එම අවශ්‍යතාවය සළකා බලා අද සිට සැප්තැම්බර් 20 දක්වා සියලු සේවකයින්ගේ මෙලෙස නිවාඩු අවලංගු කර ඇත.
එසේ වුවත් හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට අනුයුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින්ට නිවාඩු ලබා දිය හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *