චතුරිකා “ජනාධිපති තාත්තා” ජනගත කරයි

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (15) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි.
සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ලෙස දේශපාලන දිවිය අරඹා, කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය වශයෙන් චතුරිකා සිරිසේනයන් ලැබූ අත්දැකීම් කැටි කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිඛෙන අතර ජනාධිපති ධූරය දරණ තම පියා පිළිබඳ ව, දියණියක විසින් රචිත ප්‍රථම චරිතාපදානය ලෙසින් මෙය ඉතිහාසයට එක්වේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් පිළිබදව හා 2015 ජනාධිපතිවරණ සටනේ මෙතෙක් හෙළි නොකළ සත්‍ය කථාවන් රැසක් සහිත මෙම ග්‍රන්ථයේ විශේෂත්වය වන්නේ දේශපාලනමය මුහුණුවරකින් තොරව ඉතා රසවත් නව කථාවක ආකෘතියෙන් රචනා කොට තිබීමයි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු දේශපාලන දැවැන්තයන්ගේ සිට යුගයෙන් යුගය සිදුවූ දේශපාලන සංසිද්ධීන් වලදී සිය පවුල වෙත ඒවායේ බලපෑම එල්ලවු ආකාරය පිළිබදව විග්‍රහයන් මෙහි ඇතුළත් වෙතත් ඒවා මෙම කෘතිය තුළ රස නුසුන් කොට ලියැවී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *