ඇමෙරිකානු බුද්ධි සේවයට සම්බන්ධ ලිපිගොනු දසදහස් සංඛ්‍යාවක් පිටවීමේ සිද්ධියක් ගැන ඇමෙරිකානු බලධාරීන් විමර්ශනයක් අරඹා ඇත.
මෙම රහස් ලිපිගොනු අප් ගාර්ඩ් නමැති සයිබර් ආරක්ෂක ආයතනය විසින් සොයාගෙන තිබේ. ඇමෙරිකානු බුද්ධි සේවාවට තොරතුරු සපයන ආයතන සහ ඉරාක චරපුරුෂයන් පිළිබඳව ද තොරතුරු හෙළිවී ඇත.
අප් ගාර්ඩ් ආයතනය දක්වන්නේ ලිපිගොනු 9402 ක තොරතුරු තමන්ට ලැබුණ බවයි.
ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දහස් සංඛ්‍යාත පිරිසකගේ අනන්‍යතාව ද මෙම ලිපිගොනුවල සඳහන් වී තිබුණි.
එම පිරිස පදිංචි ස්ථාන හා දුරකථන අංක පවා මෙලෙස පිටවී ඇති තොරතුරු අතර වේ.