ක්‍රිකට්‌ ගොඩගන්න ඇමැති දයාසිරිගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම වර්තමානයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් වැඩමුළුවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩමුළුව ලබන 15 වැනිදා පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්‌වා බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ් හෝටලයේ පැවැත්වීමට නියමිතය.
ක්‍රිකට්‌ කණ්‌ඩායමට මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීමට හේතුව සහ ඒ සඳහා ගත හැකි විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන්වන අතර එහිදී ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට වගකීම පැවරිය යුතු ආකාරයද තීරණය කරනු ලබයි.
මේ සඳහා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නියුක්‌ත වන හා නියුක්‌තව සිටින ප්‍රවීණයන්ගෙන් හා විද්වතුන්ගෙන් මෙන්ම විවිධ අත්දැකීම් සහිත මාධ්‍යවේදීන් ඇතුළුව ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සියළුම අංශ නියෝජනය වන පරිදි සාමාජිකයන් සහභාගි කරවා ගැනීමට ඇමැතිවරයා කටයුතු යොදා ඇත.
අදාළ වැඩමුළුවට හිටපු ක්‍රිකට්‌ පාල මණ්‌ඩල සභාපතිවරු සහ ලේකම්වරු, හිටපු ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපතිවරු සහ ලේකම්වරු, හිටපු ක්‍රිකට්‌ නායකයන්, සියළුම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සහ හිටපු සභාපතිවරුන්, ජාතික ක්‍රිකට්‌ පුහුණුකරුවන්, ජාතික ක්‍රීඩාවන් හා සම්බන්ධ ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇති ප්‍රවීණයන් මෙන්ම දිස්‌ත්‍රික්‌ සහ පළාත් ක්‍රිකට්‌ සංගම් සභාපතිවරුන්ට සහභාගි වන ලෙස ඇරයුම් කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.