තහනම් කළ පසු එම නිෂ්පාදනම පරිසර හිතකාමී ලෙස බිහිවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු නියෝගය පරිදි සිදුකළ පොලිතින් තහනමින් පසු මේ වන විට පරිසර හිතකාමී නිෂ්පාදනය එම නිෂ්පාදකයින් විසින්ම නිෂ්පාදනය කරමින් තිබේ. ඒ සඳහා එම නිෂ්පාදකයින් මේ වන විට රජය සමඟ සාකච්ඡා කරමින් ඊට අදාළ එකඟතා සහ අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබේ.
මෙරට තුළ භාවිතයට ගන්නා ආහාර දවටන (ලන්ච් ෂීට්‌) පොළොවට පතිත වීමෙන් පසු දින 20 ක්‌ වැනි කෙටි කාලයකින් දිරායන ලෙස නිපදවීමට පසුගිය 07 දා බලධාරීන් හමුවේ තම සංගමය එකඟ වූ බව පොලිතින් නිෂ්පාදන හා ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් මහතා පවසයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්‌ටි, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්ම ශ්‍රී, පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සමඟ මෙම සාකච්ඡාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ පෙරවරුවේ පැවැති බවද හේරත් මහතා කීය.
වසර 40 ක පමණ සිට පවතින කර්මාන්තයක්‌ වන පොලිතින් කර්මාන්තය සඳහා භාවිත කළ අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ඉතා කෙටි කලකින් දිරායන පොලිතින් (කෝම්පෝස්‌ටබල්) භාවිත කර නිෂ්පාදනයන් කිරීමට සිදුවන නිසා කර්මාන්තකරුවන් මූල්‍යමය අපහසුතාවකට පත්වන බව නිලධාරීන්ට පැවසූ බවද ඒ මහතා කීය.
ඒ සඳහා පිළියම් ලෙස යන්ත්‍ර සූත්‍ර සකස්‌ කර ගැනීම සඳහා වැයවන මුදල් ලබාදීමට බලධාරීන් එකඟවීම නිසා තමන් සතුව පවතින පැරැණි අමුද්‍රව්‍යවලින් නිෂ්පාදන කර නව නිෂ්පාදනයන් (දිරායන) කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන එන බවද ඔහු කීය. මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා කර්මාන්ත කරුවන්ගේ හා ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ ලැයිස්‌තුවක්‌ බලධාරීන්ට ලබාදුන් බවද ඔහු කීය.
බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී ලබන මාසය (ඔක්‌තෝබර්) පමණ වන විට මුලින්ම ලන්ච් ෂීට්‌ දිරායන ලෙස නිපදවන බවත්, ඉන් අනතුරුව ක්‍රමයෙන් අනෙකුත් නිෂ්පාදන සඳහා යොමුවන බවද ඔහු වැඩිදුරටත් කීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *