ජනපති ඉදිරියේ චන්ද්‍රිකා-අරුන්දික ගැටෙති

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය කාරක සභා රැස්වීමේදී වචන හුමවාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(06දා) රාත්‍රියේදී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තත්ත්වය ඇති වී තිබේ.
ඒකාබද්ධ විපක්ෂයට වෙනම පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවසර ලබාදුන් ආකාරයට ශ්‍රීලනිප ඇමතිවරුන්ටද පාර්ලිමේන්තුව තුළ වෙනම අසුන් ගැනීමට අවසර ලබාදෙන ලෙසට අරුන්දික ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර තිබේ.
එසේ නොවේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට කැපවිය යුතු බවත්,තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග සිටීමෙන් පාක්ෂිකයන්ගේ කලකිරීමට ලක්වීමට සිදුවනු ඇති බවත් පෙන්වාදී ඇති මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නොවන නිසා ශ්‍රීලනිප අනන්‍යතාවය රැකගනිමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීම සඳහා ඇමතිවරුන් කණ්ඩායමක් තීරණය කර ඇතැයි සඳහන් කර ඇත.
මෙම අවස්ථාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය අත්හැර මිනීමරුවන් දූෂිතයන් සමග ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවත්, එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටත්, පක්ෂයත් බේරාගැනීමට හැකි වූ බවත්ය.
කෙසේ වෙතත් අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් මෙම ප්‍රකාශයට විරෝධය පළකිරීමත් සමග මධ්‍යම කාරක සභාව දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.