හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2015 වසරේ ජනවාරි මස 05 වන දින කහවත්ත පොලිස් වසමේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියකට අදාළව ප්‍රකාශය ලබා ගැනීම සඳහා අද උදැසන නියෝජ්‍ය පොලිස්පතිවරයාව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබුණි.
එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී යම් යම් කරුණු වසන් කිරීම පිළිබඳව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට චෝදනා එල්ල වී තිබුණි.
ඒ අනුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.