ඔලිම්පික් බලාපොරොත්තුව අකාලයේ මියදෙයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජගත් බොක්සිං වළල්ල ජයගත් බොක්සිං ක්‍රීඩක ගයාන් ජයවීර මිය ගොස් තිබේ. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය දිවි හානිකර ඇත්තේ ගෙල වැලලා ගැනීමෙන් බව වාර්තා වේ. පසුගිය 06 වනදා මිය යන විට හෙතෙම 25 හැවිරිදි වියේ පසුවිය.
හොරණ තක්ෂිලාවෙන් බොක්සිං පිටියට පිවිසි ගයාන්, ජාත්‍යන්තර තරග වලදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි.
හෙතෙම කිලෝග්‍රෑම් 54 හා 60 බර පන්ති නියෝජනය කර වසර 03ක් ලේටන් කුසලානයේ ශූරතාව දිනා ගෙන ඇති අතර වසර තුනක්ක්ලිෆර්ඩ් කුසලානයේ ශූරතාවය ද දිනාගෙන ඇත.
2015 වසරේ පින්ලන්තයේ පැවති 36 වැනි ටැමර් බොක්සිං ශූරතාවලියේ පළමුවරට ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ගයාන් සමත් විය. වසර 5 ක් ජාතික ශූරයා වූ ඔහු පිට පිට දෙවතාවක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන්පදක්කම හිමිකරගත්තාය.
ජාත්‍යන්තර තරඟ 10 කට පමණ සහභාගී වූ ගයාන් ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව බවට ක්‍රීඩා විචාරකයන් හැඳින්වනු ලැබීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.