ඉරානය සමඟ සිරකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුමක්

අධිකරණ හා විදේශ රුකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohamed Zari Amirani මහතා අතර හමුවක් අද(21) අධිකරණ අමාත්‍යාංශයේදි පැවැත්විණි.
ඉරානයේ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකීය සිරකරුවන් හා මෙරට බන්ධනාගාරවල සිටින ඉරාන සිරකරුවන් හුවමාරු කර ගැනීම පිලිබදව මෙහිදි සාකච්ඡා විය.මේ පිළිබදව විශේෂ ගිවිසුමක් ඉරානයේ හා ශ්‍රී ලංකාවේ අධිකරණ ඇමතිවරුන් අතර ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතව තිබේ.
සිරකරුවන් හුවමාරු කිරීමේ මෙම වැඩ සටහන යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර අදාළ රට තුළදි එම සිරකරුවා ලැබු දඩුවම ඒ ආකාරයෙන්ම තම රට තුළ බන්ධනාගාරවලදි විදිමට සිදු වේ.
අදාළ ගිවිසුම පිලිබදව මුලික සාකච්ඡා අද සිදු වු අතර මෙම සිරකරුවන් හුවමාරුව 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ සිදු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
ඉරානය හා ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන සංස්කෘතික සබදතා අතීතයේ සිට පැවත එන්නක් බවත් එය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා විය.
නව අධිකරණ අමාත්‍ය ධුරයට පත් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට ඉරාන රජයේ සුබ පැතුම් එක් කරන බව ද මෙහිදී තානාපතිවරයා සදහන් කලේය.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් ,ඉරාන නියෝජ්‍ය තානාපති Mohomed Reza ahamadeen යන මහත්ම මහත්මීන් ද එක් විය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.