උතුර නැගෙනහිර ජනයාට වානේ නිවාසවලින් පන්නරය ලැබිය හැකිද?

ආදේශ නිවෙස්‌ දෙකක්‌ උතුරු පළාතේ ඉදිකර ඇත. කෝපායි සහ තෙල්ලිප්පලෛ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයන්හි මෙම නිවෙස්‌ දෙක ඉදිකර තිබේ. මෙකී නිවෙස්‌ ඇතුළත පවතින අධික උණුසුම දරාගත නොහැකි බවත් ස්‌පොන්ඡ් වැනි කොටසක්‌ බිත්ති අතර පවතින බවත් කුඩා සතුන් එමගින් නිවෙස තුළට පැමිණීමේ අවධානමක්‌ ඇති බවටත් චෝදනා එල්ල වේ.
මෙම වානේ නිවාස ව්‍යාපෘතිය සම්බන්ධව උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතා පැවසුවේ මධ්‍යම ආණ්‌ඩුව විසින් තීරණ ගෙන පසුව තමන්ට එම වගකීම පැවරීමට උත්සාහ දරන බවයි.
ශ්‍රී ලංකාවේ දශක තුනක කාලයක්‌ පැවති යුද්ධය සමස්‌තයක්‌ ලෙස මෙරට ජනතාවට සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්‌කෘතික වශයෙන් බලපෑමක්‌ එල්ල කළේය. උතුර නැගෙනහිර ජනතාව යුද්ධයට සෘජුවම මුහුණදුන් අතර යුද්ධය විසින් ඔවුන්ගේ ජීවිත මෙන්ම දේපළ ද අහිමි කර දැමුවා සේම නැවත ඔවුන්ට තනිවම ජීවිතය ගොඩනඟා ගැනීම අපහසු කාර්යයක්‌ බවට පත් කළේය.
උතුර නැගෙනහිර ජීවත් වන විශාල පිරිසක්‌ අද වන විට නිවෙස්‌ අහිමිව අවතැන් කඳවුරු ආශ්‍රිතව ජීවත් වන අතර තවත් විශාල පිරිසක්‌ සිය අත්‍යවශ්‍ය පහසුකම්වත් නොමැතිව ජීවත් වෙති.
යුද්ධය අවසන් වී මේ වන විට වසර 8 ක්‌ පමණ ගත වුව ද තවමත් උතුර නැගෙනහිර ජනතාවට තමන්ට කියා ජීවිතයක්‌ ගොඩනඟා ගැනීම අපහසු වීමට මුලික හේතුවක්‌ වී තිබෙන්නේ තමන්ගේ කියා නිවහනක ජීවත් වීමේ අවකාශය නොමැති වීමයි. ගෙවුණු අවුරුදු 08 ක කාලය තුළ යුද බලපෑම් සහිත උතුර නැගෙනහිර මිනිසුන් වෙනුවෙන් රජය සිදු කළ ක්‍රියාකාරකම්වල නිසි ප්‍රතිලාභ ජනතාවට ලැබී තිබේද?
උතුර නැගෙනහිර නිවාස අහිමි දැවැන්ත පිරිසකගෙන් පවුල් කිහිපයකට පමණක්‌ දේශීය මෙන්ම විදේශ රටවල ආධාර මගින් නිවාස ලැබුණි. එහෙත් නිවාස අහිමි පිරිසේ ප්‍රතිශතය ඉතාම අධික ය. යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ සංඛ්‍යා ලේඛනවලට අනුව තවමත් නිවාස අහිමි ජන සංඛ්‍යාව එක්‌ලක්‌ෂ පනස්‌ දහසකි.
2016 දී දැවැන්ත නිවාස සංවර්ධන ව්‍යාපෘතියක්‌ උතුර නැගෙනහිරට යෝජනා වී තිබුණි. මිනිසුන් අධික බලාපොරොත්තුවක්‌ ඇතුව බලා සිටියේ පෙර පරිදි ජීවිතය නැවත ආරම්භ කිරීමටය. එහෙත් දීර්ඝ කාලයක්‌ රටටත්, සමාජයටත්, දේශපාලනඥයන්ටත් රැවටුණු උතුරු නැගෙනහිර ජනතාව මෙම නිවාස ව්‍යාපෘතිය හරහා නැවතත් රැවටීමට ලක්‌ වන බව පෙනේ.
බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් යුද පීඩිත උතුර නැගෙනහිර ජනතාවට අවුරුදු 04 ක්‌ ඇතුළත නිවාස 65,000 ක්‌ ඉදිකර දීමේ ව්‍යාපෘතියකට යෝජනාවක්‌ 2016 වර්ෂය තුළ කරළියට ගෙන ආවද 2017 මැයි 09 වැනි දින එම යෝජනාවට කැබිනට්‌ අනුමැතිය ලැබෙන්නේ නිවාස 6000 කට පමණි. එහෙත් මෙලෙසින් සාදනු ලබන නිවාස 6000 ද අවිධිමත් ප්‍රමිතියකට අනුව නිර්මාණය වන බව 2016 දී පටන් ම මාධ්‍ය තුළත් සිවිල් සමාජය තුළත් කතා බහට ලක්‌ විය.
ඇමරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතියට ලන්සු තබන ලද්දේ ප්‍රංශ සමාගමක්‌ වන Aරජැකදර ඵසඑඒකÕs සමාගමය. වානේ වර්ගයකින් ඉදිකෙරෙන පෙරසවි (චරු- ෙaඉරසජ්එed) එක්‌ නිවසක වටිනාකම රුපියල් මිලියන 15 කි. වර්ග අඩි 550 ක බිම් පෙදෙසකින් යුතු මෙම නිවසක කාමර දෙකක්‌ කබඩ් සහිත, සාලයක්‌, කුස්‌සියක්‌, වැසිකිළියක්‌ ඇතුළත් වේ. ඊට අමතරව සූර්යබල විදුලි පද්ධතියක්‌,වතුර ටැංකියක්‌, ඇඳක්‌, කෑම මේසයක්‌ ඇතුළුව ලී බඩු කිහිපයක්‌, විදුලි පංකාවක්‌, සිලින්ඩරයක්‌ සහිත ගෑස්‌ උදුනක්‌, රූපවාහිනියක්‌ සහ ලැප් ටොප් පරිගණකයක්‌ සමඟ වයිµයි ඉන්ටර්නෙට්‌ පහසුකම් ද ලබා දීමට යෝජනා වී තිබේ.
ආදේශ නිවෙස්‌ දෙකක්‌ උතුරු පළාතේ ඉදිකර ඇත. කෝපායි සහ තෙල්ලිප්පලෛ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයන්හි මෙම නිවෙස්‌ දෙක ඉදිකර තිබේ. මෙකී නිවෙස්‌ ඇතුළත පවතින අධික උණුසුම දරාගත නොහැකි බවත් ස්‌පොන්ඡ් වැනි කොටසක්‌ බිත්ති අතර පවතින බවත් කුඩා සතුන් එමගින් නිවෙස තුළට පැමිණීමේ අවධානමක්‌ ඇති බවටත් චෝදනා එල්ල වේ.
මේ ව්‍යාපෘතියට එල්ල වී තිබෙන තවත් විවේචනයක්‌ වන්නේ එම කොන්ත්‍රාත්තුව ලැබූ බහුජාතික සමාගමට වාසිදායක වුවද ප්‍රාදේශීය ආර්ථිකයට කිසිදු දායකත්වයක්‌ නොදක්‌වනවා යන්නයි. නිවාස හිමියාට මුදල් ලබා දී නිවෙස ඉදිකිරීම වැනි නිවාස හිමියාට පවරන වර්ගයේ ව්‍යාපෘතියකින් පෙදරේරු සහ වඩුකාර්මික රැකියා මගින් ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්‌ථා ලැබෙනු ඇත. එමගින් අදායම බෙදී යන්නේ ප්‍රජාව තුළ වන අතර ප්‍රාදේශීය ජීවනෝපායන්ට හා ජන ජීවිතයට ඉන් උපකාරයක්‌ ලැබේ.
මෙම වානේ නිවාස ව්‍යාපෘතිය සම්බන්ධව උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතා පැවසුවේ මධ්‍යම ආණ්‌ඩුව විසින් තීරණ ගෙන පසුව තමන්ට එම වගකීම පැවරීමට උත්සාහ දරන බවයි.
මෙම ගැටලුව සම්බන්ධව මැයි මස 26 දා සමාජ ක්‍රියාකාරිකයන්ගේ එකමුතුවක්‌ විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ජාවක්‌ පැවැත්වුණි. එහිදී අඩු ප්‍රමිතියකින් සාදනු ලබන දැවැන්ත මිල අධික ව්‍යාපෘතිය තුළ පවතින අඩුපාඩු තාක්‌ෂණික,සංස්‌කෘතික හා ආර්ථික කරුණු ඔස්‌සේ පහදා දෙනු ලැබුවේ ඒ ඒ ක්‌ෂේත්‍රවල විශේෂඥයින් විසිනි. ඇමරිකාව වැනි රටවල ස්‌වාභාවික විපත් අධික ප්‍රදේශවලට සාදා දෙනු ලබන නිවාස ස්‌වාභාවික විපත් අවම උතුර නැගෙනහිරට ලබා දීමට සැලසුම් කර තිබේ. මෙම සංවර්ධන ව්‍යාපෘතිය යනු කිසිදු දේශගුණික හා සංස්‌කෘතිකමය පර්යේෂණයකින් තොරව සිදු කරන ලද සැලැස්‌මක්‌ බව පෙනේ. වානේ යොදා ගනිමින් සාදන ලද මෙම නිවෙස්‌ තුළ දර ලිපක්‌ පත්තු කළ නොහැකිය. එහෙත් ගෑස්‌ ලිප් ලබා දෙන බවට රජය පොරොන්දු වී ඇත. පහනක්‌ පත්තු කර කපුරු ආදිය පත්තු කිරීම හින්දු සංස්‌කෘතියේ ආගමික සිරිතක්‌ වේ. මේවා යනු හින්දු සංස්‌කෘතිය අංග වනු ඇත. මෙවැන් දේ පිළිබඳව ද අවබෝධයෙන් කටයුතු කිරීම හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ වගකීමකි.
උතුර නැගෙනහිර ජීවත් වන යුද පීඩිත කාන්තාවන්ගෙන් බහුතරයක්‌ වැන්දඹු ගෘහ මූලික පවුල් ය. උතුර නැගෙනහිර වැන්දඹු කාන්තාවන් පවසන්නේ පිහියකින් හෝ ඉරා දැමිය හැකි බිත්ති හතරක්‌ ඇතුළත ඔවුන් ජීවත් වන්නේ කෙසේද යන්නයි. කුඩා දරුවන්ට වුව ද කිසිදු ආරක්‌ෂාවක්‌ නැති නිවසක කවදා ගිනි ගනීවී දැයි බියෙන් සිටීම පීඩාකාරී අත්දැකීමකි. මෙම ව්‍යාපෘතිය එවැන් කරුණු පිළිබඳව සොයා බැලීමකින් තොරව සිදු කළ සැලැස්‌මක්‌ බව මෙමගින් පෙනී යනු ඇත.
මෙම නිවාස ව්‍යාපෘතිය මගින් සාදා දීමට බලාපොරොත්තු වන නිවාස දීර්ඝ කාලයක්‌ තබා ගත නොහැකිය. අධික සුළඟක්‌ පවතින උතුරු පළාතට මෙම නිවාස ක්‍රමය නොගැලපෙන බවට විද්වත්හු චෝදනා කරති.
‘අපි කවදත් මෙහෙම ඉන්නේ නෑ. අපිටත් පුළුවන් කාලයකට අපිත් ආසයි මේ දෙන ගෙවල් තව ටිකක්‌ හොඳට සාදාගන්න’ මාධ්‍ය සාකච්ජාව සඳහා පැමිණි මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ වාසය කරන ඒ. ජෝසප් මහතා පැවසුවේ රජයේ යෝජිත වානේ නිවාස සඳහා කිසිදු අලුත් වැඩියාවක්‌ සිදු කළ නොහැකි බවයි.
රුපියල් ලක්‌ෂ 15 ක්‌ එක්‌ නිවසකට යෙදවීමට රජයේ මෙම ව්‍යාපෘති සැලැස්‌මට යෝජනා වී තිබේ. එහෙත් විධිමත්, ආරක්‌ෂිත, කල් පවතින සහ කිසිදු යටත් මානසිකත්වයක්‌ ඇති නොවෙන ලෙස ජීවත් විය හැකි බ්ලොක්‌ ගල් නිවාස දෙකක්‌ මෙම ලක්‌ෂ 15 න් සෑදීමට හැකියාව තිබෙන බව විශේෂඥයෝ පවසති.
මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා යෝජිත ප්‍රතිලාභීන් විශාල බහුතරයක්‌ විරුද්ධව සිටිනවා මෙන්ම කැමැත්ත පළකර තිබෙන සුළුතරයක්‌ ද උතුර නැගෙනහිර ජීවත් වෙති. මෙතරම් ගැටලු සහිත නිවෙසකට ඔබ කැමති වන්නේ අයි දැයි ඇසූ විට ඔවුන් පැවසුවේ මේ නිවාස ලබා ගත්තේ නැතිනම් කිසිදු නිවසකවත් ඔවුන්ට ලබා නොදෙන බවට ප්‍රචාරයක්‌ ගිය බවයි. මාලිගාවලද අපි ඉන්නේ. ගෙයක්‌ නැති අපිට මොනවාහරි ගෙයක්‌ දෙන්න’ යෑයි සුළුතරයක්‌ පවසති. මෙලෙස සුළුතරයක්‌ එකඟ යෑයි ප්‍රකාශ කළ ද ඒ ඔවුන්ගේ නැති බැරිකමට මිස රජය ලබා දීමට සැලසුම් කර තිබෙන්නේ මාලිගාවක්‌ නොවන බව ඔවුහු දනිති. රජය මෙහිදී මතක තබා ගත යුත්තේ එම එකඟත්වය පල කළ සුළු පිරිසද කුමන හෝ ගෙයක්‌ ලබා දෙන්නැයි පැවසුවද මේ ලබා දීමට තීරණය වී තිබෙන්නේ ඒ මිනිසුන්ට කැමති නිවසක්‌ යෑයි සුළුතරය කිසිසේත් ම පවසා නැත.
යුද්ධය නිසා උන්හිටි තැන් අහිමි වූ මිනිසුන්ට ජීවත්වීම සඳහා නිවසක්‌ ලබා ගැනීම එක්‌තරා ආකාරයක අරගලයක්‌ බවට පත්වීම ඛේදවාචකයකි. නිවාස අහිමි ජනතාවට රජය විසින් නිවාස සාදා දිය යුතුය. තවදුරටත් එම ජනතාව නොරවටා වගකීම්සහගතව කටයුතු කිරීම රජයේ මෙන්ම ආදාළ නිලධාරීන්ගේ ද වගකීමකි.
අනූෂා සිවලිංගම්
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය
-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *