ආණ්ඩුව දේශපාලනයේ පිරිහීම හා අවලංගුභාවය වසා ගැනීමේ උත්සහයක – ඒකාබද්ධය කියයි

ආණ්ඩුව දේශපාලනයේ පිරිහීම හා අවලංගුභාවය වසා ගැනීම සඳහා ඊයේ දිනයේ දී දේශපාලනික වශයෙන් මාරාන්තික වශයෙන් වැරදි කිහිපයක් සිදු කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය.
එක්සක් ජාතීන්ගේ සැසිවාරය අමතමින් ශ්‍රි ලංකා රාජ්‍ය නායකයා රැඳී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමට පියවර ගැනීම ඉතාම කණගාටුදායක ක්‍රියාවක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝ‍්ධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම තුළින් මුලික කරුණු කිහිපයක් සිදුවු බව ද අලහප්පෙරුම මහතා පවසයි.
ඒ අනුව ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය සතු ශ්‍රේෂ්ඨත්වය නැති කර දැමූ බවත් අධිකරණමය බලය පැහැර ගනු ලැබු බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පළාත් සභා මැතිවරණය ඡන්ද විමසීමකින් තොරව කල් දැමිය නොහැකි යන තීන්දුව ලබා දී තිබියදිත් සිදු කරනු ලැබු මෙම ක්‍රියාව හේතුවන් අධිකරණය සුරා ඉවත් කරනු ලැබු ලොතරැයියක් බවට පත් කළ බව ද ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
කෙසේ වෙතත් ආණ්ඩුව ඒකාධිපති පාලනයක් සඳහා යන ඕනෑම අයෙක්ට ගමන් කළ හැකි විසකුරු මාර්ගයක් විවෘත කළ බව ද කියා සිටි මන්ත්‍රීවරයා, මින් පසු පාර්ලිමේන්තුව තුළ 2/3 ක් තිබෙන ඕනෑම අයෙක්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි සංශෝධනයක් සිදු කළ හැකි බව ද ප්‍රකාශ කළේය.
මේ තුළින් නීතිපති දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමිසම වැනි ආයතන ඉතා ලාබ මුද්‍රවක් බවට පත් වු බව ද උත්තරීතර පාර්ලිමේන්තුව වෛශ්‍යාවක් බවට පත් කළ බව ද ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී තවදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.එල්.පීරිස් මහතා කියා සිටියේ, එන සතිය තුළ නීතිඥයන් සමඟ කථා කර දෙවන වතාවටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය පැතීමට බලාපොරොත්තු වන බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *