ලලිත් – අනූෂත් සුපුරුදු රංගනයට; බන්ධනාගාර රෝහල් ප්‍රධානියාට අල්ලස්!

මෙරට ජනතාවගේ මහජන මුදල් ගසා කෑ, බලය වෙනුවෙන් මිනී මැරූ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පාපතර සහචරයින් වරදකරුවන් වී බන්ධනාගාර ගත කළ සෑම අවස්ථාවකදීම පැය 24ක් ගත වීමටත් මත්තෙන් සිදුකළේ බන්ධනාගාර රෝහලට රිංගා ගැනීමයි.
එම සුපුරුදු තක්කඩි රංගනය පෙරේදා බන්ධනාගාර ගත කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටත් ඊයේ(08)ම සිදුකළේය.
මහජන මුදල් කොල්ල කෑ සහ ඊට අනුබල දුන් අයවලුන් මෙලෙස බන්ධනාගාර ගත කළ පසුත් තව තවත් මහජන මුදල් වැය කරමින් සැප ගැනීමට ඉඩ දීම ප්‍රශ්නාර්ථයකි. මක් නිසාද යත් මෙම බන්ධනාගාර රෝහලට සාමාන්‍ය සිරකරුවකුට සැබෑ අසනීපයක් තිබුණද පහසුවෙන් ඇතුලත් විය නොහැකි නිසාවෙනි.
කෙසේ වෙතත් මීට පෙර සිටම අප වෙත වාර්තා වූයේ බන්ධනාගාර රෝහල භාර වෛද්‍යවරයාට සිරගත වන පාදඩ දේශපාලනඥයින්ගෙන් සහ ඔවුන්ගේ සහචරයින්ගෙන් විශාල අල්ලස් ප්‍රමාණයක් ලැබෙන බවයි. එම නිසා මේ සම්බන්ධයෙන් රජය සැබැවින්ම ජනතාවාදී නම් වහාම නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *