සිල් රෙදි වංචාවට වරදකරුවන් වූ ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස්!

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය.
එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් අයකු අධිකරණ බල සීමාවේ පදිංචිකරුවකු වීම, අයකු ළඟම ඥාතියකු වීම හා අයකු රජයේ සේවකයකු වීම අනිවාර්ය කෙරිණි.
ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියම කෙරිණි.
පසුගියදා ඔවුන්ට ලැබුණු වසර තුනක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන්ගේ අසනීප තත්ත්වය හා අවුරුදු තුනක සිර දඬුවමක් වීම යන සුවිශේෂී කරුණු දෙක සලකා බලා ඇප ලබාදෙන බව මහාධිකරණය දැනුම් දුන්නේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.