මෙගා පොලිස් අමාත්‍යාංශයේ ව්‍යාපෘතිවලට රුපියලක්වත් ලැබී නැහැලු

මේ වසරේ සැප්තැම්බර් 17 වන දිනට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වසර 2 ක් පිරුණත් මහානගර ව්‍යාපෘතීන්ට රජය විසින් රුපියලක්වත් ආයෝජනය කර නොමැතිවීම ඉතා කණගාටුදායක තත්වයක් බවත්, බස්නාහිරට කිසිදු අධිකාරී බලයක් පවරා නැතැයි ද මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක පවසයි.
කිරිමණ්ඩල මාවතේ ඉදිකෙරෙන නව හරිත නගරය නිසාවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩබිම කෙරවළපිටිය ආශ‍්‍රිත නව ප‍්‍රවර්ජන නගරයේ ඉදිකිරීම සඳහා අද(14) උදෑසන මුල්ගල තැබීමෙන් පසු ඇමති චම්පික රණවක විසින් මෙම කරුණු අනාවරණය කළේය.
“අතීතයේ දී ආණ්ඩුවේ සල්ලිවලින් මහාපරිමාණයෙන් සිදු කෙරුණු මහවැලි ව්‍යාපෘති සිදු කිරීමටත්, පවත්වාගෙන යාමටත් බලගතු නීත්‍යානුකූල මහවැලි අධිකාරියක් බිහි කළා. ඒ වගේම විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපලවල් සහ මහාමාර්ග ඉදිකරන්නත් රජය විශාල වශයෙන් අයෝජනය කර තිබෙනවා. එහෙත් ගොඩනැගෙන මහානගර සංවර්ධන වැඩපිළිවෙලට රජය රුපියලක්වත් ආයෝජනය කරලා නැහැ”. යනුවෙන් ඇමැතිවරයා පැවැසීය.
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩබිම බවට පත්ව තිබූ කිරිමණ්ඩල මාවතේ භූමි භාගය සහ ඒ ආශ‍්‍රිත කොටසක් සංවර්ධනය කරමින් සුවිශේෂ හරිත නගරයක් නිර්මාණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව ද පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.