“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ සමාරම්භය අද (08) පෙරවරුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
දරු පරපුර සුරක්ෂිත කොට ඔවුන්ට සමාජයේ ආරක්ෂාකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති කාර්යාලය විසින්, දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන ක්‍රීයාවට නංවා තිබේ.
“දරුවන් සුරකිමු” 2017-2019 ජාතික සැලැස්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් මෙහිදී ජනාධිතිතුමා වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය තුරන්කිරීම පිළිබද ජාතික ප්‍රතිපත්තිය, කම්කරු, වෘත්තීය සබදතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
ආබාධ සහිත දරුවන් සිටින පාසල් සදහා ප්‍රවේශ මාර්ග හා අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදිම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
“අනාගතය දිනන දරුවෝ” වැඩසටහන යටතේ සකස් කළ ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.