බන්ධනාගාර රෝහලට අලුත්ම නීතියක්‌

මින් ඉදිරියට බන්ධනාගාර රෝහලට රැඳවියකු ඇතුළත් කරන්නේ නම් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය අවශ්‍ය බව බන්ධනාගාර පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා සඳහන් කරයි.
මීට පෙර කිසියම් රැඳවියකු බන්ධනාගාර රෝහලට ඇතළත් කරනු ලැබුවේ එක්‌ වෛද්‍යවරයකුගේ අනුමැතිය අනුවය.
එහිදී අක්‍රමිකතා සිදුවන බවට විවිධ පාර්ශ්ව වෙතින් පැමිණිලි ලැබී ඇති බැවින් ඉදිරියේදී රැඳවියකු රෝහලට ඇතුළත් කරන්නේ නම් වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය ලබා ගත යුතු බව වහාම ක්‍රියාත්මක වන පරිදි ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතාට උපදෙස්‌ ලබාදී ඇත.
විවිධ පාර්ශ්ව වෙතින් ලැබුණු ඉල්ලීම් හා පැමිණිලි සලකා බැලීමෙන් පසු මෙම තීරණය ගනු ලැබූ බවද ඇමැතිවරයා අවධාරණය කරයි.
මහජන මුදල් කොල්ල කෑම්, මිනී මැරුම් සහ විවිධ දූෂණ ක්‍රියාවලට වරද කරුවන් වී බන්ධනාගාර ගත කරන දේශපාලඥනයින්, රාජ්‍ය නිලධාරීන් සහ සහචරයින් තම බලය උපයෝගී කරගනිමින් බන්ධනාගාර රෝහලට රිංගා ගැනීම හේතුවෙන් ජනතාවගේ ඉල්ලීම පරිදි මෙම නීතිය එන බවද සඳහන්.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.