සයවැනි වරටත් න්‍යෂ්ටික පිපිරවීමක් සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.
මේ අනුව උතුරු කොරියාවට තෙල් සැපයීම සහ උතුරු කොරියාවේ රෙදිපිළි ආනයනය තහනම් වේ. ඇමෙරිකාව ඉදිරිපත් කළ සම්බාධක යෝජනාවට චීනය හා රුසියාව ද පක්ෂව ඡන්දය භාවිත කර ඇත.
2008 වසරේ සිට ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාවට පැනවූ නවවැනි සම්බාධක තීන්දුව මෙයයි. උතුරු කොරියාව සෑම වසරකම ස්ටර්ලින් පවුම් මිලියන 520 ක රෙදිපිළි රටවල් රැසකට අලෙවි කරයි.
මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් අන් න්‍යෂ්ටික පිපිරවීම් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කැඳවා උත්සවයක් පවත්වා ඇත. මෙහිදී ඔහු පවසා ඇත්තේ උතුරු කොරියාව තවදුරටත් න්‍යෂ්ටික පිපිරවීම් සිදුකරන බවයි.