ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති බවත්, ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක් ඇති බවත් උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක් ඇති බවයි.
එම අයිතිය උතුරු කොරියානු ගුවන් කලාපයෙන් එපිට පියාසර කෙරෙන ප්‍රහාරක යානාවලට ද අදාළ වනු ඇති බව විදේශ ඇමැතිවරයා තවදුරටත් පැවැසීය.
එක්‌සත් ජනපදය පිළිබඳව අදහස් දැක්‌වීමේදී “යුද්ධ ප්‍රකාශ කිරීම” යන යෙදුම උතුරු කොරියාව විසින් භාවිත කරනු ලැබූ පළමු අවස්‌ථාව මෙය නොවේ.
එක්‌සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමැතීම සඳහා පැමිණි සිටි විදේශ ඇමැතිවරයා එම ප්‍රකාශ කළේ නිව්යෝර්ක් නුවරින් පිටව යන අවස්‌ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.
නමුත් මෙවර එම ප්‍රකාශය සිදු කෙරුණේ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නිකුත් කර ඇති ට්‌විටර් පණිවිඩයකට ප්‍රතිචාරයක් වශයෙනි.
මෙම ට්‌විටර් පණිවිඩයේ දැක්‌වෙන්නේ උතුරු කොරියාවේ විදේශ ඇමැති එක්‌සත් ජාතීන් අමතන බව මට දැන් ආරංචි වුණා. ඔහු පුංචි රොකට් මැන්ගේ අදහස් ප්‍රතිනාද කළහොත් ඔවුන් වැඩි කල් ඉන්න එකක් නැහැ” ඊට තවදුරටත් ප්‍රතිචාර දක්‌වමින් උතුරු කොරියානු විදේශ ඇමැතිවරයා කියා සිටියේ පළමුව යුද්ධය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකා බව ලෝකය පැහැදිලි මතක තබා ගත යුතු” බවය