දෙසැම්බර් මාසයේදි අ.පො.ස.(සා.පෙළ) විභාගය පැවත්වෙන බැවින් පළාත් පාලන මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නොහැකි බවමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියමහතා පැවැසීය.
පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයට ගෙනියන්නේ විභාග කටයුතු හා දෙසැම්බර් මාසයේ අවසානයේදි රජයේ නිලධාරින්ගේ ගිණුම් පියවීමේ කටයුතු නිසා බව පෙන්වාදුන් ඒ මහතා අනෙක් පැත්තෙන් පන්දුව දියවන්නාවෙන් කොමිසම වෙත ලැබි නැතැයි කීය.
ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්වීමට තීරණය කළහොත් 06, 20, හෝ 27 යන දිනවල ඡන්ද පැවැත්විය හැකි බව ඔහු පෙන්වා දී තිබේ.
මහා නගරආඥා පනත, නගර සභා ආඥපනත හා ප්‍රාදේශීය සභා පනත්වල 60- 40 අනුපාතයට සංශෝධන කටයුතු තිබෙන බවත් එම කාර්යන් අවසන් කොට ලබාදීමෙන් පසු ජනවාරි මාසයේදි සුදුසු දිනයකදී පළාත් පාලන මැතිවරණය පවත්වන්න ක්‍රියා කරන බව සභාපතිවරයා ඊයේ (12) පැවැති මාධ්‍ය හමුකදී වැඩිදුරටත් කීය.