මනමාලියකගේ කිලෝමීටර් 3.2 ක් දිග ඔසරිපොට ගන්නෝරුවේදී මහ පාරේ ඔසවාගෙන සිටීමට අලවතුගොඩ පාසල් ශිෂ්‍යාවන් 250 ක් පමණ යොදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩකාර නිලූකා ඒකනායක මහත්මිය මහනුවර අධ්‍යාපන බලධාරීන් සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසලේ විදුහල්පතිවරයා කැඳවා අද (25) පරීක්ෂණයක් අරඹා ඇත.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ, පළාත් අධ්‍යාපන ලේකම්, කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්යක්ෂ සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසලේ විදුහල්පති අද පෙරවරුවේ පරීක්ෂණයක් සඳහා ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් කැඳවනු ලැබ ඇත.