ජනපති නියෝගයෙන් අරුන්දිකව ඇමති කමින් නෙරපයි

සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබේ.
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ.
කාලයක් තිස්සේ රාජපක්ෂ රෙජීමය සමඟින් ඩීල් දමමින් වත්මන් රජය සහ ශ්‍රී ලංකා නිදස් පක්ෂය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටි කුප්‍රකට අරුන්දික ප්‍රනාන්දු ඉදිරි දින කීපයේදී යළිත් නිල වශයෙන් තම හාම්පුතා වෙත යෑමට නියමිත බවද වාර්තාවේ.
එසේම රාජපක්ෂ රෙජීම පාලන සමය තුල එම බලාධිකාරියට මුවා වෙමින් අරුන්දික ප්‍රනාන්දු විසින් සිදුකළ එතනෝල් සහ විවිධ ජාවාරම් ඇතුළු දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්ව චෝදනා පිළිබඳව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව ඇතුළු ආයතන මඟින් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.