හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කාර හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණ කල් දැමීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්ම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරිමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ මගින් පසුගියදා තීන්දුවක් ලබාදුන් බවයි.
එසේ තිබියදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන එක් කළ රජය එය හදිසියේ සම්මත කිරීමට පියවර ගත් බව සරත් එන්.සිල්වා මහතා පෙන්වා දී තිබේ.
එසේ හදිසියේ එක් කළ සංශෝධන අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ජනතාවට තිබු අයිතිය රජය විසින් අහිමි කළ බවට චෝදනා කරන පෙත්සම්කාර හිටපු අගවිනිසුරුවරයා පළාත් සභා මැතිවරණය කල් දැමීමේ අරමුණින් රජය සහ මැතිවරණ කොමිසම එක්ව එම කුමන්ත්‍රණය දියත් කළ බවට චෝදනා කර සිටී.
මේ නිසා පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පතට අලුතින් එක් කළ සංශෝධන ක්‍රියාත්මක කිරීම වලක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා දැනට පවතින නීතිය යටතේ විසුරුවාහරිනු ලබන පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් පනවන්නැයි සරත් එන්.සිල්වා මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.