ඇතැමුන්ට තම නිර්මාතෘවරයාණන් අමතක වෙද්දී; ජනපති කෘත ගුණ දක්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) තම පක්ෂයේ නිර්මාතෘවරයාණන් වූ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ ගුණසමරුවට එක්වෙමින් සිය කෘතගුණ දැක්වීම සිදුකළේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි.
ඒ හා සමගාමීව ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ ද ගුණ සිහි කෙරිණි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මීන් විසින් ප‍්‍රථමයෙන් සමාධියට පුෂ්පෝපහාර දැක්වූ අතර අනතුරුව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිිරිසේන මැතිතුමා විසින් සමාධියට මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දක්වනු ලැබීය.
හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ද සමාධියට පුෂ්පෝපහාර දැක්වූහ. සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අද පෙරවරුවේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ විසින් පිරිස පංචශීලයේ පිහිටුවූහ.

අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් විසින් පුණ්‍යානුමෝදනාව සිදු කළහ.
පළාතේ මහා සංඝරත්නය ද, මැති ඇමතිවරු ඇතුළු ශ‍්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.