රිය අනතුරක් හේතුවෙන් ජනාධිපතිගේ සොහොයුරෙක් අත්අඩංගුවට

පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරකු අත්අඩංගුවට ගනුලැබ ඇත.
නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් සැකකරු වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි.
සැකකරු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ. වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගිය දෙදෙනාගෙන් අයෙක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරී සාමාජිකයකු බවද වාර්තා වේ.
අනතුරුව අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ලබන සඳුදා(11) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.