බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු තමාට රජ කිරුළ හිමි වූ පසු බකින් හැම් මාලිගය අත්හැර යෑමට තීරණය කොට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
තමා මේ තරම් විශාල රජ මාලිගාවක විසීමට ප්‍රිය නොකරන බවත් තම වාසය සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නා බවත් චාල්ස් කුමරු පවසා ඇත.
ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මේ සා විශාල මාලිගයක විශාල වෙළෙඳ වටිනාකමක් තියෙනවා. තමා දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු මෙම මාළිගය මහජනතාවට නැරඹීම සඳහා විවෘත කරනවා යෑයිද චාල්ස් කුමරු මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම තීරණය නුරුදු අනාගතයේ ක්‍රියාත්මක වීමත් සමඟ බ්‍රිතාන්‍ය රජ පෙළපතෙහි සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් වනු ඇත.